Local News News

පස්කන්දට යටවූ නිවැසියන්ගේ මළසිරුරු තිබූ තැන පෙන්වූ සුරතලා

අධික වර්ෂාව හේතුවෙන් නිවසක් මතට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් මාවනැල්ලේ දෙවනගල ප්‍රදේශයේ එකම පවුලේ පුද්ගලයින් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. 

පස් කන්දට උඅට වී තිබූ මළසිරුරු සොයා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් මෙහෙයුමක් දියත් කර තිබුණා. ගම්වැසියන්ගේ උදව් ඇතුව විපතට පත් වූවන් බේරා ගැනීම සඳහා ක්‍රියාකරනු ලබන අවස්ථාවේ දී මෙම සිදුවීම සිදු වූ ස්ථානයට එම නිවසේ සිටි සුනඛයා පැමිණ තිබුණත් ප්‍රදේශවාසීන් එම සුනඛයා එලවා දමා තිබුණා. 

නමුත් එම සුනඛයා නැවත පැමිණ සිය ඉදිරිපස දෙපාවලින් කඩා වැ‍ටුණු පස් කන්දේ එක ස්ථානයක පස් ඉවත් කිරීමට පටන්ගෙන තිබෙනවා. 

ගලවාගැනීමේ පිරිස් සුනඛයාගේ මෙම ක්‍රියාව නිරීක්ෂණය කර සුනඛයා පස් හැරීමට පටන් ගත් ස්ථානයේ පස් ඉවත් කිරීම ආරම්භ කළා. ඒ අවස්ථාවේ දී මියගිය පුද්ගලයින් හතර දෙනාගේ සිරුරු සුනඛයා විසින් පෙන්වූ ස්ථානයේ තිබී සොයා ගැනීමට හැකිවූ බවයි වාර්තාවල සඳහන් වන්නේ. 

Related posts

ඇඳිරි නිතිය පිලිබඳ නවතම නිවේදනය

Shiran Viraj

ගිනිගත් නැවෙන් අපට ලොකු වන්දියක් ලැබෙනවා.. ඒක මේ වෙලාවෙ ලොකු දෙයක්..- වාසු

Shiran Viraj

ටිහාරා ලැගුම්හලේදී අවසන් ඇමතූ අයගෙන් ප‍්‍රශ්ණ කෙරේ.. තොරතුරු රැසක් එලියට..

Shiran Viraj

Leave a Comment