News Political

කලින් අපේ ආයු කාලය අවුරුදු 95යි… රසායන පොහොර නිසා අවුරුදු 60ට අඩු වුනා..

පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පස්ස දොරින් පැනැල ගියේ  එතුමාට ඡන්දෙට දාන්න අනුගාමිකයෙක්වත් නැති නිසා යැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වසර පහක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජාතික මහා සමුළුව පිළිබඳව හා රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් පොළොන්නරුව බැඳිවැව පිහිටි රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසේදී පැවති අවස්ථාවේදී මෙසේ පැවසීය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

පක්ෂය 2016 වර්ෂයේ බිහි කරලා නෙළුම් පොහොට්ටුව ලකුණ ලබා ගෙන පළවන පළාත් පාලන මැතිවරණයට 2018 වර්ෂයෙදී මුහුණ දුන්නා. එහිදී පක්ෂය හඳලා අවුරුදු 02 කට අඩු කාලයක් තුළ දී සියළුම පක්ෂ පරාජය කරලා පළාත් පාලන ආයතන අති විශාල සංඛ්‍යාවක ජයග්‍රහණය ලබා ගනිමින් පොදු ජන පෙරමුණ පක්ෂයට ජය ලබා ගැනීමට හැකි වුණා. එහිදී විධායක ජනාධිපතිවරයාගේ දිස්ත්‍රික්කය පොදු ජන පෙරමුණ හැටියට ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වුණා.

ඉන්පසු ජනාධිපතිවරණයේදී සුවිශේෂ ජන වරමක් සමඟ ගොඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනතාව ජයග්‍රහණය කරවනු ලැබුවා. මහ මැතිවරණයේදී කොවිඩ් අර්බුදය මැද වුවත් සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායන මහතාගේ මතය නැවත ප්‍රතික්ෂේප කොට 2/3 වරමින් ආණ්ඩුවක් ගෙන යන්න අපිට බලය ලබා දුන්නා.

ලෝකයේ ප්‍රධාන ආර්ථික බලවතුන් අතර අපට හැකියාව ලැබුණා එන්ගලන්තය, ඇමරිකාව වැනි රට වල ඔක්සිජන් නොමැතිව රෝහලේ සාලේ මැරිලා වැටෙනකොට අපේ රටේ ජනතාව කොවිඩ් වලින් ආරක්ෂා කර ගන්න.

ජනාධිපතිතුමාගේ හා  අග්‍රාමත්‍යතුමාගේ කොවිඩ් මර්ධන වැඩ පිළිවෙළ සාර්ථක වුණා. අපට මරණ අනුපාතය ඉතා අඩුව තබා ගැනීමට මෙන්ම එන්නත්කරණය වැඩි වශයෙන් ලබා දීමට හැකි වුණා.

අපි යහපාලනයෙන් රට බාරගනිද්දී රටේ ආර්ථික වර්ධනය තිබුනේ 2.7 යි. අපි කොවිඩ් පාලනය සාර්ථකව සිදු කරා. මේ ආණ්ඩුව හදාල හරියටම අවුරුද්දක කාලය තුළ මාර්ග කිලෝ මීටර් ලක්ෂයක ව්‍යාපෘතිය, වාරි සෞභාග්‍යය වැඩසටහන, වයඹට උමන් මඟින් වතුර ගෙන යන වැඩ පිළිවෙළ, උතුරු මැදට උමං මඟින් ජලය ගෙන යන වැඩ පිළිවෙළ, සාර්ථකව අවසන් වෙමින් පවතින ජාතික පාසැල් දහසක් සැදීමේ වැඩ පිළිවෙළ, ගමට නිවසක් සැදීමේ වැඩ පිළිවෙළ, නගර සීයයක් අලංකරණය කිරීමේ වැඩ පිළිවෙළ, රෝහල් සැදීමේ වැඩ පිළිවෙළ, පානීය ජලය ලබා දීමේ වැඩ පිළිවෙළ, සෞභාග්‍යය නිෂ්පාදන ගම්මාන වැඩපිළිවෙළ, උපාධිධාරීන්ට රැකියා දීම හා සාමාන්‍ය පෙළ අසමත් අයට රැකියා ලබා දී ආර්ථික වශයෙන් පවුල් නගා සිටුවීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට හැකි වුනා.

එසේම සැමට විදුලිය වැඩසටහන යටතේ විදුලිය ලබා ගැනීමට අපහසු අයට විදුලිය ලබා දීම. සමෘද්ධි පවුල් ලක්ෂ 02ක් නගා සිටුවීමේ වැඩ පිළිවෙළ, මධ්‍යම අධිවේගී මාර්ගය සැදීමේ ව්‍යාපෘතිය කඩිනම් කරලා තියෙනවා, රුවන්පුරය අධිවේගී මාර්ගය ආරම්භ කරලා තියෙනවා. මේවාගේ කරලා තිබෙන වැඩ ප්‍රමාණය මේ රටේ ජනතාව දන්නවා.

පස් වසරක පොදු ජන පෙරමුණ සමුළුවට අපි සහභාගි වන්නේ රටක් විදිහට ජාතියක් ආරක්ෂා කරලා රට සෞභාග්‍ය කරා ගෙන යන අභිමානවත් පක්ෂයක් විදිහට.

එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙසේ පිළිතුරු දෙන ලදී.ගොවියෝන්ට පොහොර දෙන්නෙ නැතුව රට පුරා උද්ඝෝෂණය කරනවා කොහෙද සෞභාග්‍යය දැක්මක් තියෙන්නේ යන්න මාධ්‍යවේදීයෙකු නැගූ ප්‍රශ්නයකට රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය?

මෛත්‍රීපාල සිරිසේන මහත්තයට කර ගන්න බැරි වැඩක් අසාර්ථකයි කියලා කියන්න එතුමා දක්ෂයි. එතුමාගේ පාලන සමය හැම අතින්ම අසාර්ථකයි. එතුමා ඡන්දේ ඉල්ලන්නේ නැතුව පස්සේ දොරෙන් පැනලා ගියේ එතුමා දන්නවා ඡන්දය ඉල්ලුවා නම් එතුමා පරදින බව. එතුමා වෙනුවෙන් ඉල්ලන අනුගාමිකයෙක් දාන්න තිබුණා යහපාලන පක්ෂය වෙනුවෙන්. එතුමලාගේ දාපු අනුගාමිකයා තමා සජිත් ප්‍රේමදාස මහතා. එතුමා අන්ත පාරජය වුණා මැතිවරණය තුල. යහපාලනය සාර්ථකව යමක් කලා නම් මිනිසුන් ඡන්දය දෙනවා.

ගිය ජනාධිපතිවරණයෙදී මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නිර්පාක්ෂිකයි කියලා එතුමා වක්‍රව සජිත් ප්‍රේමදාසට උදව් කලා. අද හොඳ වැඩක් යන විට එය එතුමන්ලාට කර ගන්න බැරි වුන වැඩක් නම් එය කඩා කප්පල් කරන්න වැඩ පිළිවෙළ යනවා.

වයස 95ට තිබුණ අපේ අයු කාලය වයස 60 ට අඩු වෙන්න ප්‍රධාන හේතුව තමා රසායනික පොහොර. ඔබට මතක ඇති 1960 දශකයෙදී රාසයනික පොහොර ප්‍රවර්ධනය කරන්න ගෙන ගිය වැඩ පිළිවෙල. ගොවි ජනතාවගේ මතය වෙනස් කරන්න ලොකු ප්‍රයත්නයක් එදා දැරුවා. රසායනික පොහොර වල ඇති අවදානමත් එක්ක පුළුවන් තරම් එයින් අපි බැහැර විය යුතයි.

සජත් ප්‍රේමදාස මහත්තයා කන්නෙත් වෂ විසෙන් තොර ආහාර. අනුර කුමාර මහත්තයගේ ජනාධිපති ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා අනිවර්යෙන්ම කාබනික වගාවකට යනවා කියලා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා කියනවා රසයනික පොහොර නැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හෝ කෘෂි කර්ම ඇමතිවරයා හෝ රජය වගකිව යුතු නැහැ කියලා වැරදි උපදෙස් නිසා තමයි මේ රසායනික පොහොර තහනම් කලේ බව මේ තත්ත්වය පිළිබඳ ඔබතුමා මොනවද හිතන්නේ?

පුරවැසියෙකු විදිහට රසායනික පොහොර තහනම් කිරීම පිළිබඳව ගන්නා ලද තීරණය සාර්ථක කරගත යුතුයි කියන පිරිසිදු චේතනාවක මම ඉන්නවා. ඒ හේතුව තමා මේ රටේ අනාගත පරපුර ගැන හිතලා. සිරිසේන මහත්තයාගේ රගපෑම කරනවා නම් මටත් කියන්න පුළුවන් රසායනික පොහොර ඕනේ කියලා. යථාර්තය තමා කාබනික වගාවකට උපරිම වශයෙන් යන්න පුළුවන් නම් එය තමා සාර්ථක තත්ත්වය. අද ගොවියා අවබෝධ කරගෙන ඉන්නවා රසායනික පොහොර වල තිබෙන අවධානකම ජ.වී.පෙ. එකට වඩා. ඒ නිසා තමා ගොවි ජනතාව කියන්නේ අපට 50% ක් රසායනික පොහොර දෙන්න කියලා. ඒකත් අපි ලබපු ජාතික ජයග්‍රහණයක්.

ගොවි ජනතාව දැන ගෙන ඉන්නවා රසායනික පොහොර හොඳ නැහැ. එම නිසා රසායනික පොහොර අඩු කල යුතුයි කියලා. ජ.වී.පෙ. එක මොනව කිව්වත් ගොවි ජනතාව උද්ඝෝෂණයට ඇවිල්ලා අපිට 50% ක් රසායනික පොහොර දෙන්න කියලා. මෙය අපි ලබපු ජයග්‍රහණයක්. ජනාධිපතිතුමා සත්භාවයෙන් ගන්නා ලද තීරණයට ගොවි ජනතාව හිස නමලා තියෙනවා. කාබනික පොහොර යොදා ගෙන අස්වැන්න ලබා ගන්නා වූ පිරිසක් ඉන්නවා නම් අවශ්‍ය රසායනික ද්‍රව්‍ය පසෙහි තිබෙනවා නම් අපි උත්සහ කරලා බලමු.

කාබනික පොහොර මඟින් පළවන කන්නයට වඩා දෙවන කන්නයේ අස්වැන්න අඩු වුනොත් මමත් කතා කරනවා රසායනික පොහොර යම් ප්‍රතිශතයකට යොදා ගත යුතු බවට.

ජාතියක් විදිහට මේ ගන්න ලද තීරණය ඉතාමත් හොඳයි මෙන්ම අපි අගය කර යුතුයි.

ප්‍රසන්න අධිකාරි
මාධ්‍ය ලේකම්

Related posts

පොහොට්ටුව අගමැතිටත් උඩින් යයි.. කොරෝනා මෘතදේහ භූමදානයට දෙන බව නොකී බව කියයි..

Shiran Viraj

ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා දිවයිනට

Shiran Viraj

පිටරටින් ලංකාවට ඇවිත් හෝටලේ සිටියොත් නිරෝධායනය දින 28 වෙනුවට දින 14 ඇති – හමුදාපති

Shiran Viraj

Leave a Comment