Local News News

මහරගම නගරාධිපතිගේ පියා අත්අඩංගුවට… හොරෙන් විදුලිය අරන් මාට්ටුයි..

මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් මහතාගේ පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගේ නිවසට ති විරෝධී ලෙස විදුලි බලය ලබා ගත්තේ යැයි චෝදනාවක් මත ඊයේ රාත්‍රියේ ඔහු අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය සඳහන් කරයි.

විශ්‍රාම පොලිස් නිලධාරියෙකු වන අත්අඩංගුවට ගත් පුද්ගලයා හෝමාගම ගලවිල වත්ත මාවතේ පිහිටි තම නිවසට මෙසේ විදුලිය ලබාගෙන ඇත.

නගර සභාපති වරයා පදිංචිව සිටින්නේ ද එම නිවසේ බව පොලීසිය සඳහන් කරයි.

එම නිවස ඉදිරිපිට රාත්‍රී කාලය පුරාම අධිබලැති විදුලි බල්බ දැල්වෙමින් ඇතැයි ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී හෙලිව ඇත්තේ ආසන්න විදුලි කණු වලින් හොර රහසේ විදුලි ලබාගෙන ඇති බවයි.

සිදුවීම පිළිබඳව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

කැළණි ගං ජලය අවදානමට හෙලූ කර්මාන්තශාලා වලට එරෙහිව පියවර

Shiran Viraj

රජයේ වාණිජ නීතිගත සංස්ථාව රට පුරාම ව්‍යාප්ත කිරීමට සැලසුම්

Shiran Viraj

බන්දුල කියන මිලට හාල් හෙව්වොත් බත් කන්නට සිදුවන්නේ නැත! – පා.ම හර්ෂද සිල්වා

Shiran Viraj