Local News News

පාඩු ලබන ප‍්‍රධාන පෙලේ ආයතනයක ලොක්කන් අටක පඩිය කෝටි 11යි..

මේ දිනවල ආන්දෝලනයට ලක්ව ඇති රජයේ ආයතනයක සභාපතිවරයා ඇතුළු ප්‍රධාන නිලධාරීන් අට දෙනෙකු වසරක වැටුප් සහ දීමනා ලෙස රුපියල් කෝටි 11කට අධික මුදලක් ලබා ගනිමින් සිටින බව වාර්තා වෙයි.

එම ආයතනය නිකුත් කරනු ලබන පාරිභෝගික භාණ්ඩයෙන් බරපතළ ලෙසින් පාඩු ලබන බැවින් මිල ඉහළ දමන ලෙස දැඩි බලපෑම මෑතකදී මෙම ආයතනයන් සිදුකර ඇත.

ආයතනයේ සභාපතිවරයාගේ මාසික වැටුප හා දීමනා රුපියල් ලක්ෂ 13 ක් පමණ වෙයි.

එහි තවත් නිලධාරීන් අට දෙනකු මාසික වැටුප් හා දීමනා වශයෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා ගන්නා බවද සඳහන්ය.

මෙම ආයතනය රජයේ විගණනයෙන් ඉවත් කර ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට ද නීතීඥ සමාගමකට රුපියල් මිලියන 10 ක් ගෙවා තිබේ.

Related posts

ජනතාව පෝලිමේ සිටීම ගැන අපට සමාවෙන්න.. ඉක්මනටම පෝලිම් නැති කරනවා..

Shiran Viraj

සහල් පිළිබඳ නිවැරැදි තොරතුරු නෑ..- ඇමති වසන්ත

Shiran Viraj

ජනපති යන එන පාරේ මිරිහානේ කිරිපිටි පෝලිම තවත් වෙනසක් කරයි..

Shiran Viraj