Local News News

මාළු මිල ඉහලට…

හැටන් නගරයේ මත්ස්‍ය අලෙවි වෙලදසැල් වල මාළු මිල එකවරම ඉහල යාම හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි ඇත.

එලවළු මිල ඉහල  යාම හමුවේ හැටන් ඇතුළු වතු ආශ්‍රිත ජනතාව මාළු පරිභෝජනය වැඩි වශයෙන් සිදු කල අතර , එකවරම මාළු මිල ඉහල යැම හේතුවෙන් එම පාරිභෝගිකයන් මේ වන විට දැඩි අසිරුතාවයට පත් වි ඇත.

හැටන් නගරයේ මත්ස්‍ය අලෙවි වෙලදසැල් වල කෙලවල්ලා කිලෝවක් රු 1600 , තොරු රු 1200 , කොප්පරා රු 2200 , පරොව් රු 1000 , කුම්බලාවෝ රු 800 , වන්න පරව් රු 700 , මොරැල්ලෝ රු 580 , හබරලි රු 800 , බලයා රු 700 , පොඩි දැල්ලෝ රු 1200 , ඉස්සෝ රු 1400 , ලින්නා රු 600 ,පියා මැස්සෝ රු 580 , සාලයෝ රු 300 , සුරා පරව් රු 600 ,පන්නාවෝ රු 700 යන මිලකට මේ දිනවල අලෙවි කරනු ලබයි.

එම මත්ස්‍ය වෙලෙන්දන්ගේ අප කල විමසුමකට එම වෙලදුන් කියා සිටියේ මේ දිනවල මාළු සදහා විශාල ඉල්ලුමක් පැවතිම හේතුවෙන් මාළු හිගයක් පැවතිම මිල ඉහල යාමට හේතුව වි ඇති බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

ජාතියේ අපනයන කර්මාන්තය නගාසිටුවීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය කඩිනමින් යුරෝපය, මැදපෙරදිග, ඈත පෙරදිග වෙත විශේෂිත ගුවන් භාණ්ඩ මෙහෙයුම් ආරම්භ කරයි

Shiran Viraj

මහ බැංකු වැටුප් වැඩි කර ගැනීම අවලංගු කිරීමේ පනත පාර්ලිමේන්තුවට..

Shiran Viraj

‘ඔමික්‍රෝන්’ ලංකාවට ඇතුළුවීම වැළැක්වීමට සියළු පියවර ගෙන අවසන්… ඇප් එකකුත් හැදුවා..

Shiran Viraj