Local News News

ගතවූ අසීරු කාලයේ ඇමතිලා සැප වින්දෙ නෑ.. ජනතාව සමග දුක් වින්දා…

ගතවූ වසර දෙකක පමණ අසීරු කාල සීමාවේ ජනතාව දුක් විඳිද්දී ජනාධිපති අගමැති ඇතුළු මැති ඇමතිවරු සැප වින්දේ නැතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කරයි.

ඔවුන් සියලු දෙනා කැප කිරීමක් කර ගෙන මෙම ගමන පැමිණ ඇතැයිද හෙතෙම පැවසීය.

පසුගිය මැතිවරණයේදී ලබාදුන් සෑම ඡන්දයකට වග කියන බවත් ඒ සදහා ගම් මට්ටමින් වැඩ කරන බවද හෙතෙම සඳහන් කළේය.

ගතවූ අවුරුදු දෙකක කාලය ඉතාම අපහසු කාල සීමාව බවත් ආණ්ඩු බලය ලබා ගත් එම කාලය ඉතාම අසීරු කාලයක් බවත් ඔහු පැවසීය.

එම අසීරු කාල සීමාවෙන් පසු ආර්ථික කඩාවැටීම් ඇති වු බවත් බලාපොරොත්තු වූ වේගයෙන් රට ඉදිරියට ගෙන යාමට නොහැකි වූ බවත් හෙතෙම තවදුරටත් සදහන් කලේය.

නමුත් මේ සියළු දුක් කරදර අවසන් කරමින් 2022 වසරේදී නැවතත් සමාජ දේශපාලන ගමන ශක්තිමත්ව ආරම්භ කිරීමට ස්ථිර අදිටනින් කටයුතු කරන බවද හෙතෙම කියා සිටියේය.

ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

Related posts

ගංජා කිලෝ 49ක් සමග සැකකාරියක් අත්අඩංගුවට

Shiran Viraj

ඊයේ ජ’පුර කලා පිඨයේ පෙරටුගාමී ඔළු පලලා 2024 තඹුත්තේගම විප්ලවය අරඹුවා…

Shiran Viraj

ඒකක 100ට 5900යි.. ඔබේ නව විදුලි ගාස්තුව බලන්න මෙතනින්…

Shiran Viraj