Local News News

විදුලි ගාස්තු විශාල වැඩි කිරීමක්..

විශාල ප්‍රමාණයකින් විදුලි බිල ඉහළ දැමීමට රජය කටයුතු කරමින් සිටින බව ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

එහි කැදවුම්කරු රන්ජන් ජයලාල් මහතා සඳහන් කරන්නේ ඉන්ධන මිල වැඩි නොකරන බවට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළ ද නුදුරේදීම ඉන්ධන මිල අනිවාර්යෙන් ඉහළ දමන බවයි.

මේ සමගම විදුලි බිල වැඩි කිරීමට ජයට සිදුවන බවත් අද වන විට විදුලිය වැඩි වශයෙන් නිෂ්පාදනය වන්නේ ඉන්ධන මත බවත් ඔහු පැවසීය.

ඒ අනුව නුදුරේදීම ඉන්ධන සහ විදුලිය මිල විශාල වශයෙන් ඉහළ දැමීමට නියමිත බව ද හෙතෙම මාධ්‍ය අමතමින් කියා සිටියේය.

Related posts

විශ්වාස භංගයට අත්සන් ගන්න විපක්‍ෂය මහ වලියක.. සජිත් ඇතුළු පිරිසක් බෑ කියයි… පිරිසක් හා කියයි..

Shiran Viraj

මා ගඩාෆි මෙන් පාරේ මරා දැම්මත් සටන අහරින්නේ නෑ- ජනපති යලිත් කියයි..

Shiran Viraj

පොල් සඳහා උපරිම මිලක්

Shiran Viraj