News Political

අලුත් කැබිනෙට්ටුවත් දෙදරයි.. අගමැතිට ඉල්ලා අස්වන්නැයි ඇමතිවරයෙක් ප‍්‍රසිද්ධියේ කියයි..

අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්විය යුතු බව ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සදහන් කරයි.

ජනතාව විශාල ආර්ථික පීඩනයකට ලක්ව ඇති අවස්ථාවේ රට ගොඩනැඟීමට එකම මාර්ගය අන්තර්වාර ආණ්ඩුවකට රට යොමුවීම් බවද හෙතෙම පැවසීය.

රට තුළ අවශ්‍ය කරන දේශපාලන ස්ථාවර භාවය ගොඩනැඟීමට නම් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු කරගෙන සර්ව පාක්ෂික කැබිනට් මණ්ඩලයක් පත් කර ගත යුතුව ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

ඒ සඳහා ජනාධිපතිවරයා තීන්දුව ගැනීමට පහසු වීම පිණිස තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා භාර දුන් බවද ඔහු පැවසුවේය.

නමුත් ජනාධිපතිවරා එය පිළිනොගත් නිසා තව දුරටත් ඇමති ධුරය දරන්නට තමනට සිදුව ඇති බව ද හෙතෙම කියා සිටියේය.

මේ පිලිබදව ඔහු තම සමාජ ජාල ගිණුමේ මෙසේ සටහන් කර ඇත.

දයාබර හිතවතුනි,

2022 අප්‍රේල් 18 වන දින සිදුකරන ලද අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී ජනාධිපතිතුමා විසින් මා හට ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ධූරය පිරිනමන ලදී.

විදුලි සංදේශ ඉංජිනේරුවෙකු, වරලත් ගණකාධිකාරිවරයෙකු, වරලත් අලෙවිකරුවකු, කලමණාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකු සහ ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙකු වශයෙන් ලබා ගත් න්‍යායාත්මක දැනුම ද, කළමනාකරණ වෘත්තීයවේදියෙකු වශයෙන් වසර 25කට අධික කාලයක් මා විසින් ලබා ගත් වෘත්තීය අත්දැකීම් ද තුළින්, අපේ මව් රට විශාල වශයෙන් සමාජ දේශපාලන ආර්ථික අර්බූදයකට මුහුණ දෙමින් සිටින මේ අවස්ථාවේ එකී අර්බුදය ජයග්‍රහණය කීරීම සඳහා උපරිම දායකත්වය ලබාදීමට මම සූදානමින් සිටියෙමි.

කෙසේ වෙතත්, ආර්ථික පීඩනයෙන් දැඩි අසහනයට පත් ව සිටි ජනතාව අතර වේගයෙන් ගිලිහෙමින් තිබූ රජය පිළිබඳ විශ්වාසය කැබිනට් සංශෝධනයක් හරහා යළි ගොඩනැගීම සඳහා රජයට හිමිව තිබූ අවස්ථාව, ජනතාවට දරා ගත නොහැකි ලෙස ඉහල යන ජීවන වියදම සහ විශේෂයෙන්ම 2022.04.19 දින රඹුක්කන ප්‍රදේශයේ දී ඇති වූ අවසනාවන්ත සිදුවීම හේතුවෙන්, තව දුරටත් අහිමි වී ඇත. ජනතාවගේ විශ්වාසය විශාල වශයෙන් බිඳ වැටී, ඔවුන් ප්‍රචණ්ඩකාරී ප්‍රවේශයන් කරා යොමු වීම මගින් රට අරාජික වීම වළක්වා, වත්මන් සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුදයෙන් රට ගොඩගැනීමට පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත් විසඳුමක් අත්‍යවශ්‍යව ඇත.

අපට මේ අර්බූධයෙන් මිදෙන්නට ඉතා වැදගත් වන සංචාරක ව්‍යාපාරය යලි ගොඩනැංවීමට, විදේශ ආයෝජන ආකර්ෂණයට මෙන්ම ජාත්‍යන්තර මුල්‍ය ආයතනවල විශ්වාසය දිනා ගැනීම සඳහාද ස්ථාවර රජයක් අත්‍යවශ්‍ය වේ. එබැවින්, රට ඉතාමත් අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති මේ අවස්ථාවේ සමස්ත අමාත්‍ය මණ්ඩලයම ඉල්ලා අස් වී, පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂවලින් සමන්විත ජනතා විශ්වාසය දිනා ගත හැකි කැබිනට් මන්ඩලයක් තෝරාගැනීම වඩාත් සුදුසු බව මගේ හැඟීම විය

මේ අත්‍යාවශ්‍ය වෙනස සිදු කිරීම සඳහා ජනාධිපතිතුමා අවස්ථාව සලසමින්, පූර්වාදර්ශයක් ලෙස මා විසින් දරනු ලබන කැබිනට් අමාත්‍ය ධූරයෙන් අස්වීමට සූදානම් බව පසුගිය 20දා ජනාධිපතිතුමාට ලිපියකින් දැනුම් දුන්නෙමි.

නමුත් ජනාධිපතිතුමා එම ඉල්ලා අස්වීම පිළිගත්තේ නැත. දීර්ඝ සාකච්චා වට දෙකකින් පසු අප එකඟ වූයේ ඉදිරියේදී වඩාත් සාධනීය වෙනස්කම් රජය තුල සිදුවීමට කාලය ලබාදෙමින් අප බාරගත් වගකීම ඉටුකල යුතුය යන්නය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 325,000 කට වඩා චන්දය ලබා දුන් ජනතාව මෙන්ම රටේ සියළුම ජනතාව වෙනුවෙන් සේවය කිරීම ද, මෙම අර්බුදකාරී තත්ත්වයෙන් අපගේ මාතෘ භූමිය ගොඩ ගැනීම සඳහා දායකත්වය ලබා දීම හැරුණ විට අමාත්‍ය ධු‍රයක් තුලින් විශේෂ වරප්‍රසාද ලබාගැනීමේ අවශ්‍යතාවයක් මට නැත. රාජ්‍ය අමාත්‍යවරයෙකු වශයෙන් සිටියදීද පවුලේ කිසි කෙනෙකු පෞද්ගලික කාර්ය මන්ඩලයලට බඳවා නොගත් මා අවම වශයෙන් ඇමතිවරයෙකු හිමි පොලිස් ආරක්ෂකයන්වත් ලබා ගත්තේ නැත. දේශපාලනය මට ජීවිකාවක් නොවේ. ඉන් අත්කරගන්නට වෙනත් අපේක්ෂාවන් හෝ අවශ්‍යතාවන් නැත. අප සියලු දෙනාටම මේ අවස්ථාවේ වැදගත් වන්නේ රට මේ අර්බූධයෙන් ගොඩගැනීමය. මගේ වගකීම හා ප්‍රමුඛත්වය ලෙස මා දකින්නේ ඒ සඳහා මගේ උපරිම දායකත්වය ලබා දීමය.

වසර 75කට ආසන්න කාලයක් ජරාජීර්ණ වූ සහ අසාර්ථකත්වයට පත් වූ රාජ්‍ය පාලන ක්‍රමයේ පැහැදිලි වෙනසක් සිදු විය යුතු බව මම දැඩිව විශ්වාස කරමි. ඒ සඳහා සාමකාමීව පෙනී සිටිනා අතර අප සියළු දෙනාම තීන්දු තීරණ ගත යුත්තේ රටේ සමාජ දේශපාලන ස්ථාවරත්වය බිඳවැටුන ආර්ථිකය යළි ගොඩගැනීමට අත්‍යාවශ්‍ය බව වටහාගෙන ගෙන බවය.

ස්තූතියි

Related posts

ත්‍රිකුණාමලය කොට්ඨාසයේ පාසල් 21 සිට වසාදමන්නැයි දැනුම්දෙයි

Shiran Viraj

දුරකතන මාදිලි රැසකින් Whatsapp ඉවතට.. ලයිස්තුව මෙන්න…

Shiran Viraj

ක‍්‍රිකට් FB පිටුවට පේ‍්‍රක්‍ෂකයන්ගෙන් ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්.. Comment අත්හිටුවති..

Shiran Viraj

Leave a Comment