Local News News

රජයට විරුද්ද විරෝධතාවකට ගියේ යයි සුගත් තිලකරත්න වටකර ගහන්න හදලා..

රජයට එරෙහිව පැවැත්වූ උද්ඝෝෂණයකට සහභාගිවූවා යැයි චෝදනා කරමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති සාමාජිකයන් තමන්ට පහරදීමට තැත් කළේ යැයි හිටපු මලල ක‍්‍රීඩක සුගත් තිලකරත්න මහතා වැල්ලම්පිටිය පොලිසියට පැමිණිලි කර ඇත.

පසුගිය සෙනසුරාදා (09 දා) ක‍්‍රිකට් සහ මලල ක‍්‍රීඩකයන් රැසක් ටොරින්ටන්හි නිදහස් චතුරස‍්‍රය අසල විරෝධතාවක් පැවැත්වූ බවත් එයට තමාද සහභාගි වී අදහස් ප‍්‍රකාශ කළ බවද සුගත් තිලකරත්න මහතා පැවසීය.

එම උද්ඝෝෂණයේදී තමා දැක්වූ අදහස් මාධ්‍යයේ ප‍්‍රචාරය වූ බවත් එය නිරීක්‍ෂණය කළ වෘත්තීය සමිති සාමාජිකයන් තමා සේවය කරන තෙල් සංස්ථා සංකීර්ණයට රාජකාරි (සුභසාධන අංශය) සඳහා පසුගිය සෙනසුරාදා පැමිණි අවස්ථාවේ බැණ තර්ජනය කර පහරදීමට උත්සාහ කළ බව සඳහන් කරමින් පොලිසියට පැමිණිලි කළ බවද ඔහු කීය.

සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම කරුණු සටහන් කරගත් බවත් ඒ අනුව ඉදිරි සුළු පැමිණිලි අංශය මගින් කරගෙන යන බවත් වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඒ. නිලන්ත මහතා පැවසීය.

චමින්ද සිල්වා
– දිවයින

Related posts

20 කිසිම අවුලක් නෑ.. සම්මත කරන්න සහාය දෙන්න.. විරෝධය දක්වන අයගේ ඉල්ලීම්වල කිසිම තේරුමක් නෑ..- සරත් වීරසේකර

Shiran Viraj

ප්ලේන් ටිකට් හෝටල් කාමරේට වඩා ගණන් නම් ප්ලේන් එකේම ඉන්නවා..- අනුරගේ කතාව FB හොල්ලයි

Shiran Viraj

QR බිද වැටෙයි…

Shiran Viraj

Leave a Comment