Local News News

ජොන්ස්ටන්ගේ විශාල සත්ව ගොවිපලක් ගිනි තබා විනාශ කරයි…

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව කියන සත්ව ගොවිපලකට විරෝධතා කරුවන් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර තිබේ.

මාතලේ ලග්ගල වස්ගමුව ජාතික වනෝද්‍යානය මායිමේ තිබූ මෙම ගොවිපළට ගිනිතබා ඇත්තේ පෙරේදා රාත්‍රියේ බව පොලීසිය සඳහන් කරයි.

එළුවන්, ඌරන්, හාවන් මෙම ගොවිපලේ ඇති කර ඇති අතර විරෝධතාකරුවන් එම සතුන් කැලයට මුදා හැරීමෙන් අනතුරුව ගිනි තබා ඇති බවත් පොලිසිය කියා සිටී.

වනෝද්‍යානයට මායිම්ව අක්කර 15 ක ප්‍රදේශයක් මෙම ගොවිපළ පිහිටා පිහිටා ඇති අතර ගින්නේන ගොඩනැඟිලි රැසක් විනාශ වී තිබේ.

Related posts

රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයට ඇමතිවරුත් සම්බන්ධයි…

Shiran Viraj

මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් සම්බන්ධව නීතිපති උපදෙස්

Shiran Viraj

ඩීසල් මිල හැමදාම අඩු කරන්න බෑ.. බද්ද ඉවත් කරන්නත් බෑ..- ජනපති

Shiran Viraj