News Political

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අනාරක්‍ෂිතයි.. පක්‍ෂ නායක රැස්වීම අවලංගු කෙරේ…

අද දින කතානායකවරයා විසින් කැඳවා තිබූ පක්ෂ නායක රැස්වීම අවලංගු කර තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරන්නේ පක්ෂ නායකයින්ගේ ආරක්ෂාව තහවුරු කල නොහැකි වීම හේතුවෙන් ඇතැම් පිරිස් පක්ෂ නායක රැස්වීමට සහභාගි වීමට නොහැකි බව ප්‍රකාශ කළ නිසා මෙම පියවර ගත් බවයි.

එනිසා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු වන තෙක් පක්ෂ නායක රැස්වීමක් සිදුනොකරන බවද කතානායක වරයා පැවසීය.

මෙම පක්ෂ නායක රැස්වීම අද පස්වරු තුනට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත් වීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් සැලසුම් කර ඇති පරිදි මීළඟ පාර්ලිමේන්තු රැස්වීම ලබන 14 දා කැඳවන බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Related posts

කැබිනට් සංශෝධනය අද.. පවිත‍්‍රා, දිනේෂ්, ජී.එල්, ලොකුගේ, ඩලස්, කෙහෙලිය නාමල් ජනාධිපති ලේකම් කාර්යාලයට..

Shiran Viraj

අපරාධකරුවෙකු අල්ලන්න ගිය පොලිසියට වෙඩි : ඉන්දීය පොලිසියේ 08ක් ජිවිතක්ෂයට

Shiran Viraj

පැය 17ක් පෝලිමේ සිට භූමිතෙල් ලීටර එකහමාරක්…

Shiran Viraj

Leave a Comment