Local News News

ජනාදිපති ඇමරිකාවට බයේ හැංගිලා.. මහා චක්‍රවර්ති කියාගෙන ආ රනිල් අද විස්තර විචාරකයක් වෙලා..

වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්‍රමුඛ ආණ්ඩුව ජනතාව හිඟමනට ඇදවට්ටා රටේ ජාතික සම්පත් විකුණා දැමීමට සැරසෙන බවට ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා චෝදනා කරයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ සඳහන් කර සිටියේය.

ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ පැමිණි අවසන් තෙල් නැව බෙදාහැරීමෙන් අනතුරුව කළ යුත්තේ කුමක්දැයි කියා නිශ්චිත සැලැස්මක් තිබුණානම් අද ‘සතියකට තෙල් නැව් එන්නේ නැහැ’ යනුවෙන් බලශක්ති අමාත්‍යවරයා නොපවසනු ඇතැයි ද පෙන්වා දුන් ජානිපෙ ප්‍රචාරක ලේකම්වරයා, තෙල් නොමැතිවීමෙන් මුළුමහත් සමාජයම අකර්මණ්‍ය වන බව මේ අයට නොතේරෙනවා නොවන බවද සඳහන් කළේය. මහා චක්‍රවර්ති රජ කෙනකු මෙන් අගමැති පුටුවට පැනගත් රනිල් වික්‍රමසිංහ මහතා අද විස්තර විචාරකයකුගේ තත්ත්වයට පත් වීම කනගාටුවට කරුණක් බව ද මුසම්මිල් මහතා පැවසීය. ඩොලර් බිලියන ගණන් තමන් අගමැති ධූරයට පත් වූ පසු ලැබෙන බවට ඉඟි පළ කළ අග්‍රාමාත්‍යවරයා අඩුම තරමින් මේ තීරණාත්මක අවස්ථාවේ ඩොලර් මිලියන කිහිපයක් හෝ සපයා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.

පහසුවෙන් තෙල්, ගෑස්, පොහොර සපයා ගැනීමේ මගක් ලෙස රුසියාව සමග වෙළෙඳ ගිවිසුමකට එළඹීමට ආණ්ඩුවට හැකියාව ඇති බවත් ඒ බව මෙරට රුසියානු සමූහාණ්ඩුවේ තානාපතිවරයා සමග ස්වාධීන පක්ෂ එකමුතුව සිදුකළ සාකච්ඡාවේදී තහවුරු වූ බවත් සඳහන් කළ මොහොමඩ් මුසම්මිල් මහතා, එම විසඳුම් යෝජනාව ඇමරිකාව හා ඉන්දියාව තරහ වේයැයි බියෙන් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සූදානම් නැති බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම විසඳුම් යෝජනාව ක්‍රියාත්මක කිරීමට කළ යුතුව ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපතිවරයා සමඟ දුරකතනයෙන් මගින් සාකච්ඡා ඇරඹීම පමණක් වුවත් තම ඇමරිකන් – ඉන්දියන් ගජ මිතුරන්ගේ ඉන්දු – පැසිෆික් මෙහෙයුමට හානි කිරීමට අකමැත්තෙන් එසේ නොකරන වත්මන් ආණ්ඩුව එමගින් අද මේ රටේ ජනතාවගේ ජීවිතවලට, දරුවන්ගේ අධ්‍යාපනයට බරපතල හානි කරමින් සිටින බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට එවනු ලබන මුදල් සුරක්ෂිත බවට විශ්වාසය ජනිත කරමින් භාරකාර මණ්ඩලයක් සහිත අරමුදලක් පිහිටුවීමේ යෝජනාවක් පසුගියදා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා රට හමුවේ තබා ඇති බවත් එම භාරකාර මණ්ඩලයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරු ද ඩලස් අලහප්පෙරුම මහතා ද යෝජනා කර ඇති බවත් ජානිපෙ ප්‍රචාරක ලේකම්වරයා මෙහිදී කීය. පාර්ලිමේන්තුවට පසුගිය සතියේ එම යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේ අගමැතිවරයා ද එකී යෝජනාවට එකගතාව පළ කර ඇති බවත් විපක්ෂනායකවරයා හෝ ජවිපෙ නායකවරයා තවමත් ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වා නැති බවත් මෙවැනි යෝජනා දෙස කුහකකම ඉවතලා බැලීමේ දේශපාලන සංස්කෘතියකට අප යා යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.

මාසිකව තෙල්, ගෑස්, ඖෂධ, පොහොර ආදී අත්‍යවශ්‍ය ආනයන සඳහා අවශ්‍ය ඩොලර් මිලියන 800ක මුදල, මිලියන තුනකට අධික විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ පූර්ණ මැදිහත්වීමෙන් ගෙන්වාගැනීම වෙනුවෙන් ඉදිරිපත් කර ඇති එම විසඳුම් යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ‘ජනතාව පෝලිම්වල මැරෙනවා දැකීමට අකමැති’ සියලුදෙනා මැදිහත් විය යුතු බව ද මොහොමඩ් මුසම්මිල් මහතා වැඩිදුරටත් පැවසීය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Related posts

රජය කොරෝනා පාලනය කල බව ඇත්ත.. නමුත් ඡන්දය තිවුවොත් අපට භයංකාරයි.. එක්සිත්ව එක්සත්ව ඡන්දය කල් දමමු..- සජිත්

Shiran Viraj

තරුණියක් කෙහෙළියගේ උපදේශක හිමි මත් කර ලක්ෂ 72ක් අරන් පලා යයි…

Shiran Viraj

කොරෝනා මෘත දේහයන් භූමදානය ගැන විශේෂඥ කමිටු වාර්තාවෙන් පසුව තීරණය කරනවා..- වසංගත රෝග අංශ ප‍්‍රධානී

Shiran Viraj

Leave a Comment