Local News News

ශ‍්‍රී ලංකාවට ඉන්ධන ආනයනය නවතී.. මුළු රටම නතරවීම අභියසට…

අද වන විට ශ්‍රී ලංකාවේ තෙල් ආනයනය මුළුමනින්ම නතර වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කළේය.

පසුගිය 23 දා මෙරටට පැමිණෙන බව පැවසූ ඉන්ධන නෞකා අද වනතුරුත් මෙරටට පැමිණ නැතැයිද පැවසූ ඔහු එම නැව හදිසි මිලදී ගැනිම් යටතේ නිසි ටෙන්ඩර පටිපාටියෙන් තොරව මිලදී ගැනීමට උත්සාහ කළ එකක් වුවද දැන් එය ඉන්දියාව දෙසට යාත්‍රා කර ඇතැයිද කියා සිටියේය.

ඒ අනුව අද වන විට මුළු රටම නතරවීමේ අබියසට පැමිණ සිටින බව ද හෙතෙම තවදුරටත් පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ජනබලවේගයේ යාපනයේ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

Related posts

ආණ්ඩු පක්‍ෂයේ මත ගැටුමක්.. ජනාධිපති වහා පක්‍ෂ නායක හමුවක් කැදවයි..

Shiran Viraj

ලොක්ඩවුන් නොතකා වෙලදාමේ… අත්අඩංගුවට..

Shiran Viraj

ඔන්ලයින් පනතේ බලතල මෙන්න…

Shiran Viraj