Local News News

ශ‍්‍රී ලංකාවට මුදල් ආධාර දෙන්නේ නෑ.. වැරදි ලෙස භාවිත කරනවා..- ජපානය දැනුම් දෙයි..

ශ්‍රී ලංකාවට මේ මොහොතේ ආධාර නොදෙන බව කොළඹ සිටින ජපාන තානාපති Mizukoshi Hideaki සඳහන් කර තිබේ.

ඊයේ දිනයේ දෙමළ ජාතික සන්ධානය සමඟ පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවට මේ මොහොතේ මූල්‍ය ආධාර ලබා දුන හොත් ඒවා වැරදි ලෙස කළමනාකරණය වීමේ අවධානමක් පවතින බවද ජපාන තානාපතිවරයා එහිදී සඳහන් කර ඇත.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවට ආධාර දීම සම්බන්ධයෙන් පසුව සලකා බැලිය හැකි බවද ජපාන තානාපතිවරයා වැඩිදුරටත් පැවසූ බව දෙමල සන්ධානය සදහන් කරයි.

Related posts

ඩොලර් නෑ.. ඇපල්, දොඩම්, මිදි, චොකලට් ආනයන නවතයි..

Shiran Viraj

කැබිනට් තීන්දුවක් අවලංගු කරන්න ජනාධිපතිට බෑ.. එක බොරුවක් වෙනුවට බොරු තුනක්..

Shiran Viraj

නීතිවිරෝධීව ඇල්ලූ මසුන් කිලෝ 30ක් සමඟ යාත්‍රාවක් නාවික හමුදා භාරයට

Shiran Viraj

Leave a Comment