Local News News

ගිනි තැබූ මන්ත‍්‍රී නිවාස තට්ටු දෙකට තුනට හදා දිය යුතුයි…

මෑතකදී ඇතිවූ කලහකාරී සිදුවීම්වලින් විනාශ කරන ලද දේශපාලනඥයින්ගේ ව්‍යාපාරිකයින්ගේ සියලු නිවාස ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් නැවත ඉදිකර දිය යුතු යයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

ඒ මහතා පවසන්නේ එසේ විනාශ කල තනි තට්ටුවේ නිවාස තට්ටු දෙකේ නිවාස ලෙස ද තට්ටු දෙකේ නිවාස තට්ටු තුනක් වන ලෙස ද නැවත ඉදි කල යුතු බවයි.

ජනතා නියෝජිතයින් මරා දැමීම, ඔවුන්ගේ නිවාස ගිනි තැබීම ප්‍රජාතන්ත්‍රවාදය නොවන බවද පවසන ඔහු ම්ලේච්ඡ අදහස් දරන පිරිස් පාලනය කළ යුතු බවත් කියා සිටී.

එවන් ප්‍රජාතන්තවාදී නොවන කටයුතු වලට බියේ ජීවත් වීමට වඩා මිය යාම හොඳ බවත් පවසන මන්ත‍්‍රීවරයා නොඑසේ නම් අනාගත පරපුර දේශපාලනයට නොපැමිණෙනු ඇති බවත් එය ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බවත් පෙන්වා දෙයි

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ පෞද්ගලික ගුවන් විදුලි නාළිකාවක් සමග පැවැති සාකච්ඡාවකදීය.

Related posts

මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමට අදාළ නිර්දේශ ඇතුළත් වාර්තාව ඇමතිවරියට බාරදෙයි

Shiran Viraj

ආසියාවේ ලොකුම කොරෝනා පොකුර ඇත්තේ ලංකාවේ.. කොරෝනා පාලනය කලා නම් වක‍්‍රය උඩ යන්නේ කොහොමද…

Shiran Viraj

කියුබාවේ නව නායකයා දිවුරුම් දෙයි

Shiran Viraj