Local News News

සුපෝෂ, නැණපෝෂ, ලක්පෝෂ විකිණීම අධිකරණයෙන් තහනම් කරයි.. විෂ කාරක අධි මාත‍්‍රාවෙන්…

ඇෆ්ලටොක්සින් නම් විස කාරකය නියමිත ප්‍රමාණයට වඩා අඩංගු වීම හේතුවෙන් ‍ප‍්‍රසිද්ධ පෝෂ වර්ග තුනක් තහනම් කිරීමට මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

එසේ තහනම් කර ඇත්තේ සුපෝෂ, නැණපෝෂ හා ලක්පෝෂ යන පෝෂ වර්ග තුනයි.

අදාල පෝෂ වර්ග නිෂ්පාදනය කරන සමාගම් තුනට මෙම තහනම් නියෝගය නිකුත් කර තිබේ.

මාතර අධිකරණ බල සීමාවන් තුළ මෙම නිෂ්පාදන විකිණීම වහාම තහනම් කරන ලෙසත් දැනට වෙළඳපොලේ පවතින නිෂ්පාදන තොග වූ වහාම ඉවත් කර ගැනීමටත් නියෝග කර ඇත.

ප්‍රදේශයේ වෙළඳසැල් පරීක්ෂාවට ලක් කරන ලද මහජන පරීක්ෂකවරුන් විසින් මෙම නිෂ්පාදන අත්අඩංගුවට ගෙන ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා සිදුකරන ලද පරීක්ෂණවලින් අනතුරුව ප්‍රමාණය ඉක්මවා ඇෆ්ලටොක්සින් තිබීම හේතුවෙන් අධිකරණයේ නඩු පවරා තිබිණි.

Related posts

ක‍්‍රිප්ටොකරන්සි යෝජනාවට කැබිනට් අනුමැතිය.. නීති හදන්න කමිටුවක් පත් කරයි..

Shiran Viraj

දිවයිනට ආසන්න වායු ගෝලයේ කැළඹීමක් : මිලිමීටර් 150 කට වැඩි වැසි අපේක්ෂා කරන බව කාලගුණය කියයි

Shiran Viraj

අලුත් කතානායක චමල්.. සභානායක, සංවිධායක යෝජිත නම් මෙන්න..

Shiran Viraj