Local NewsNews

මහ වැසි මැද විශාල පිරිසක් ශ‍්‍රීපාද වන්දනාවේ…

අධික වැසි මධ්‍යයේ ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා විශාල වන්නදනාකරුවන් පිරිසක් පැමිනෙමින් සිටින බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.පි.එස්. වීරසේකර මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු වීරසේකර මහතා පවසන ලද්දේ මෙම සති අන්තයේදි දින තුනක නිවාඩුවක් ලැබිමත් සමග ශ්‍රිපාද වන්දනා කිරිම සදහා වන්දනාකරුවන් විහාල පිරිසක් පැමිනෙන බවත්ය.

මේ වන විට මෙම ප්‍රදේශයට අධික ලෙස වැසි පවතින බවත් එම වැසි මධ්‍යයේ වුවද ශ්‍රිපාද වන්දනා කිරිමට විශාල පිරිසක් පැමිනෙමින් සිටින බවද ඔහු පැවසිය.

ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා පැමිනෙන සියලුම වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සදහා හැටන් ජෙශ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතාගේ උපදෙස් මත විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන බවද වීරසේකර මහතා වැඩි දුරටත් පවසන ලදි.

– මනුර සුදත් සෙල්ලහේවා

Related posts

අද සිට අධිවේගී මාර්ගවල පසුපස අසුන්වලට ද ආසන පටි අනිවාර්යයි

Malar FM

ලෝකයේ ගෑස් මිල ඉහළයි.. ඩොලරය ඉහල ගිහින්..- මෙරට ගෑස් මිල ගැන ප‍්‍රකාශයක්..

Malar FM

මම වෛද්‍යවරුන් සහ රෝගීන් ආරක්ෂා කරගන්නවා

Malar FM