News Political

ප්‍රාථමික අධ්‍යාපනය අසාර්ථක වන ප්‍රධාන හේතුව ඇමති හෙලි කරයි…

ප්‍රාථමික අධ්‍යාපනයේ සාර්ථකත්වය සිසුන්ගේ ද්විතීයක හා උසස් අධ්‍යාපනයන්හි සාර්ථකත්වය උදෙසා ඉතා තීරණාත්මක ව බලපාන බවත් පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ මගහැරුණු ප්‍රාථමික අධ්‍යාපන අවස්ථා යථාවත් කිරීමේ අවසන් අදියර මේ වනවිට පසු කරමින් සිටින අධ්‍යාපන අමාත්‍යාංශය සමස්ත පාසල් පද්ධතිය කෙරෙහි ම අවධානය යොමු කරමින් සිසුන්ගේ අයිතිවාසිකම් රැක දීම සඳහා පෙනී සිටින බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයකට එක් වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙරට ප්‍රාථමික අධ්‍යාපනය අසාර්ථක වීමට ප්‍රධාන හේතුවක් වන්නේ නුපුහුණු ගුරුවරුන් ප්‍රාථමික අධ්‍යාපනයට යෙදවීම බවයි.

දැඩි අවධානයක් සහිත ව කැපවීමෙන් ක්‍රියා කිරීමට සූදානම් ව ගුරුවරුන් වශයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවයට එක් විය යුතු බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් තමන් ද රට පුරා සිදු වන අධ්‍යාපනයට සම්බන්ධ සිදුවීම් කෙරෙහි දිනපතා අවධානය යොමු කර ඒවාට ප්‍රායෝගික විසඳුම් ලබා දීම කෙරෙහි ද නිරන්තරයෙන් උත්සුක වන බවත් පැවසී ය.

ඒ අනුව ගුරුවරයකු වශයෙන් අවශ්‍ය දැනුම, කුසලතා හා ආකල්ප වර්ධනය කරගනිමින් අදාළ සුදුසුකම් සම්පූර්ණ කළ යුතු අතර එහි දී අදාළ පුහුණුවීම් මගින් මානව සම්පත් කළමනාකරණය කිරීම අත්‍යවශ්‍යවූවක් බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

එමගින් දරුවන් පීඩිතයන් බවට පත්වීම වලක්වාගනිමින් 2024 වර්ෂයේ අධ්‍යාපන පරිවර්තනීය වෙනසත් සමග නව ක්‍රියාකාරකම් පාදක ප්‍රායෝගික තෘප්තිමත් අධ්‍යාපනයක නියැළී ජාත්‍යන්තරය ජය ගැනීමේ අවස්ථා මෙරට දරුවන්ට විවර කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ මුඛ්‍ය අරමුණ බව ද මෙහි දී අමාත්‍යවරයා පවසා සිටියේ ය.

එසේ ම 2024 වසරේ සිට 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය ඇතුළු සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග නියමිත කාලයේ දී පැවැත්වීමට කටයුතු කරන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.

– Media unit

Related posts

ඉන්දියාවේ අගනුවරට හදිසි තත්ත්වයක්

Shiran Viraj

සෞදි රජුගේ නවතම පෙරළිය – වසර 35 කට පසුව සෞදියට එන සිනමා වසන්තය

Shiran Viraj

සුසන්තිකා දිනූ ඔලිම්පික් පදක්කමට අදට වසර 20 යි

Shiran Viraj

Leave a Comment