Political

රනිල් එජාපය හදන ගමන් අපිත් එක්ක ආණ්ඩු කරනවා..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවත් ඔහු එම පක්ෂය ශක්තිමත් කරමින් සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

අපේ පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වත් පොදුජන පෙරමුණ අපි ශක්තිමත් කරන බවත් හෙතෙම පැවසීය.

පක්ෂ දෙකේ කාරණා දෙකක් බවත් ආණ්ඩුව කරගෙන යන කාරණාව වෙනම එකක් බවත් සියලු දෙනාම එකතු වී ආණ්ඩුව කරගෙන බවත් හෙතෙම සඳහන් කළේය.

පක්‍ෂ දෙක තම තමන්ගේ පක්ෂ වෙන වෙනම ගොඩනගමින් සිටින හෙතෙම කියා සිටී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

ඉදිරියේදී පැවැත්වුණු කුමන හෝ මැතිවරණයකදී විශාලතම ඡන්ද සංඛ්‍යාවක් ලබාගන්නා පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් හෙතෙම එහිදී පැවසීය.

Related posts

කැබිනට් පත්‍රිකා ගැන ජනපති සහ අගමැතිගෙන් විශේෂ තීරණයක්

Shiran Viraj

විශ්වාස භංගයට අත්සන් ගන්න විපක්‍ෂය මහ වලියක.. සජිත් ඇතුළු පිරිසක් බෑ කියයි… පිරිසක් හා කියයි..

Shiran Viraj

වාසු-විමල්-උදය ආණ්ඩුවට එරෙහිව සාක්‍ෂි දෙයි.. වෙනම නීතීඥයෙක් සමග ශ්‍රේෂ්ඨාධිකරණයේ..

Shiran Viraj

Leave a Comment