Business Business News News

ණය ගෙවන්න අරඹුවාම ඩොලරය 370 පනිනවා..

ආණ්ඩුව විසින් ආනයන සීමා ඉවත් කිරීමත් සමග බතල මඤ්ඤොක්කා පවා මෙරටට ආනයන කිරීමේ අවස්ථාව උදාවී ඇති බවත් මේ හරහා මෙරට ආර්ථික අර්බූදය තව තවත් තීවුර වන බවත් පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා සදහා මේ බව සදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් හා එක් වෙමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

ආනයන සීමා ලිහිල් කිරීමෙන් ජීවන වියදම යළි අහස උසට

2023 ජූලි 19 දින නිකුත් කළ ආනයන සීමා ලිහිල් කිරීමේ රෙගුලාසිය අනුව භාණ්ඩ වර්ග 240 කට තිබුණු ආනයන සීමා ඉවත් කරලා තිබෙනවා. කර්මාන්ත සහ සේවාවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයන කිරීමට තිබෙන සීමාවන් ඉවත් කිරීම අපට තේරුම් ගන්න පුළුවන්. මොනවාද මේ ලැයිස්තුවේ තිබෙන්නේ? මුලින්ම විසිතුරු මල් සහ පැලෑටි. ලෝකයේ ජෛව විවිධත්වය ඉහළම රටවල් අතර ඉන්න ලංකාවේ මල් සහ විසිතුරු පැලෑටි නැද්ද? ඒ වගේම සුදු ලූණු, රතු ලූණු, වට්ටක්කා, පිපිඤ්ඤා, ගෝවා, කැරට්, බීට්, සලාද කොල, බෝංචි, පතෝල බිම්මල් වගේ ඉතාම පහසුවෙන් ලංකාවේ හැදෙන ඒවා. බතල මඤ්ඤොක්කා පවා මේ ලැයිස්තුවේ තිබෙනවා. ඒ වගේම කෙසෙල්, අඹ, අන්නාසි, පේර, අලිගැටපේර කොමඩු සහ මැංගුස් වගේ දේශීය වශයෙන් වවන පලතුරු සියල්ලම තිබෙනවා. මීට කලින් ජූනි 9 දා තවත් භාණ්ඩ වර්ග 243ක ආනයන තහනම ඉවත් කලා. ඒ භාණ්ඩ අතරේ බෝතල් කළ පානීය ජලය වගේම යෝගට් පවා තිබුණා.

මේ භාණ්ඩ සියල්ලම ඉතාම පහසුවෙන් ලංකාවේ නිෂ්පාදනය කරන වගා කරන දේවල්. මේවා විදේශ රටවලින් ගෙන ඒමෙන් වන පළමු හානිය තමයි දේශීය නිෂ්පාදනය කඩාකප්පල් වී දේශීය ගොවියා දේශීය නිෂ්පාදකයා අමාරුවේ වැටෙන එක. ඒකෙන් නැවත වටයකින් විරැකියාව වැඩි වෙනවා. මේ නිෂ්පාදකයන් යටතේ වැඩ කරපු අය විරැකියා පෝලිමට එකතු වෙනවා විතරක් නෙවෙයි අස්වැසුම පෝලිමටත් එකතු වෙනවා. බැංකු ණය ගෙවීම පැහැර හරින අය වැඩි වෙනවා. බොල් ණය පිලිබද අවධානම වැඩි වෙලා අමාරුවෙන් දුවන බැංකු පද්ධතියටත් බලපානවා. දෙවන හානිය තමයි ඩොලරය නැවත ඉහළ ගිහින් ජීවන වියදම වැඩි වෙනවා. රු 285ට පහත වැටුණු ඩොලරය නැවත 325 දක්වා වැඩි වෙලා තිබෙනවා. තව දුරටත් වැඩි වෙමින් තිබෙනවා. ඩොලරය යළි ඉහළ යන්න ගත්තේ ආනයන සීමා ඉවත් කිරීමෙන් පසුවයි. ඩොලරය මෙතරම් ඉහළ නැගලා තිබෙන්නේ ණය නොගෙවෙන පසුබිමකයි. 2022 වසරේ අපට ඩොලර් බිලියන 7ක් ණය ගෙවන්න තිබුණා. වසරකට ඩොලර් බිලියන ගණනින් ණය ගෙවන්න පටන් ගත්තාම නැවත ඩොලරය රුපියල් 370 දක්වාම ඉහළ යෑමේ අවදානමක් තිබෙනවා.

මූල්‍ය අරමුදල සමග අත්සන් කළ ගිවිසුම අනුව ආනයන සීමා ඉවත් කරන්න ආණ්ඩුවට සිදුවෙලා තිබෙන බවට කියන කතාවත් බොරු. ගිවිසුමේ සඳහන් වෙන්නේ ගිවිසුම බල පවතින වසර හතරක කාලය තුල ක්‍රමානුකූලව ආනයන සීමා ඉවත් කරන්න කියලා මිස සියල්ල මාස හතරකින් ඉවත් කරන්න කියලා නොවේ.

මේ ආර්ථික අර්බූදයට මුහුණ දුන්නු ලොවම පළමු රට අපි නොවේ. මේ සෑම රටක්ම ආර්ථික අර්බූදයෙන් මිදුනේ දේශීය ආර්ථිකය සවිමත් කරලා දේශීය දේ මිල දී ගන්න ජනතාව පොළොඹවලා මිස ණයට මුදල් අරන් පරණ පුරුදු විධියට ආනයනය කරලා නොවේ. ඒ නිසා අපි හැමදාමත් කිව්වා වගේ නැවත කියනවා. ජනපති රට බේරා ගත් වීරයාට අන්දලා සමහරු අර්බූදයෙන් මිදුනා කියලා ජයපැන් පානය කලාට අපි තවමත් අඳුරෙන් අඳුරට යමින් ඉන්නේ.

– Media unit

Related posts

මට ගහපු එකෙක්වත් ඉතුරු වෙන්නෙ නෑ කියා මගේ කේන්දරේ තියෙනවා.. විජේදාසත් ලගදිම ඉවරයි..

Shiran Viraj

අගරදගුරුගේ චෝදනා මැද අගමැති මහින්ද ඉතාලිය බලා පිටත් වේ..

Shiran Viraj

ලන්සි වත්තේ නැන්සි වගේ ඉන්න බෑ… ආණ්ඩුවේ අපි ලොකු අරගලයක ඉන්නේ…

Shiran Viraj

Leave a Comment