Local NewsNews

අත්අඩංගුවේ සිටින සැකකරුවන් ගැන පොලිසියට මාර්ගෝපදේශ..

පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් සකස් කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.

මෑත කාලීනව පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් මියයාම ඉහළ යාම සලකා බලා එම පියවර ගෙන තිබේ.

වසරේ මේ දක්වා කාලය තුළ පමණක් පුද්ගලයින් 20කට අධික සංඛ්‍යාවක් පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගොස් ඇති බව පැවසීය.

ලබන මස 11 වැනිදා ලෝක මානව හිමිකම් දිනයට සමගාමීව එම මාර්ගෝපදේශ එළිදක්වන බව වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

ශ‍්‍රී ලංකාවෙන් ලෝකයට නව ශාක විශේෂයක් සොයා ගැනේ…

Malar FM

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සමාජ මාධ්‍ය ගිණුම් වසා දැමේ : ජනපති ධුරයෙන් නෙරපා හැරිය හැකිද යන්න ගැනත් සාකච්ජා

Malar FM

රෝග සහිත සතුන් ජාතික වනෝද්‍යානවලට මුදා හරින අයට වැඩ වරදින ලකුණු

Malar FM