Business Business News News

සියළුම වාහන ආනයනය යලි අත්හිටුවයි..

පොදු ප්‍රවාහන සේවා සඳහා වන වාහන ආනයනයද අත්හිටුවීමට කටයුතු කර තිබේ.

ඒ එම වාහන ආනයනයට ලබාදුන් මාසයක කාලය අවසන් වීම හේතුවෙන් බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

අවසර ලබාදී තිබු මාසය තුළ ආනයනය කරන ලද වාහන නිදහස් කරගැනීමට අවස්ථාව ලබා දෙන බවත් අමාත්‍යංශය කියයි.

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු කිසිදු වාහනයක් ආනයනය අත්හිටුවා තිබේ.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලය විසින් වාහන ආනයන සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීමට විශේෂ කමිටුවක් පත් කර ඇත.

වාහන වල අවශ්‍යතාවය, මාර්ගවල ඉඩ පහසුකම්, ඉන්ධන සඳහා යන වියදම හා වාහන ආනයනයට යන විදේශ විනිමය යන කරුණු පිළිබඳව විශ්ලේෂණයක් සිදු කිරීමට නියමිතය.

Related posts

රනිල්-සජිත් එක් කිරීමේ තීරණාත්මක මෙහෙයුමක් ඇරඹේ..

Shiran Viraj

අපි බාරගත්තේ සල්ලි නැතිව තෙල් නැවු පෝලිමක් තිබ්බ රටක්…

Shiran Viraj

පූර්ණ ‘13’ සංශෝධනයත් මදි… ස්වයං තීරණ අයිතිය ඔ්නෑ..

Shiran Viraj