News Political

අපි රට ගොඩගන්න තව වැඩපිලිවෙලක් හැදුවා.. අවුරුදු පහෙන් ගොඩගන්නවා..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් රට හදන නව වැඩපිළිවෙළ එළැඹෙන 15 වැනිදා රටට ඉදිරිපත් කරන බව එම පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එළැඹෙන 2024 වර්ෂයේ මැතිවරණ රැසක් පැවැත්වෙන නිසා ඊට අදාළ පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙළ ඉදිරිපත් කරන බවද හෙතෙම පැවසීය.

ඉදිරි වසර 5 ක් සඳහා රට ගොඩනැගීම පිළිබඳ වැඩසටහනක් පක්ෂය විසින් නිර්මාණය කර ඇතැයි ද පැවසූ ඔහු ඊට ගැළපෙන තවත් යෝජනා එළඹෙන 15 වනදා කොළඹ පවත්වන පක්ෂයේ ජාතික සම්මේලනය දී ලබාගන්නා බවද කියා සිටියේය.

පොදුජන පෙරමුණේ දෙවැනි ජාතික සම්මේලනය කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී 15 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

Related posts

නායකයා තරගය දිනවයි.. ලෝක ශූරයන් පරදවයි..

Shiran Viraj

කුවේට් රජා බල්ලෙක්.. කොරෝනා බෝකර ලංකාවට එවනවා.. ආන්දෝලනාත්මක වීඩියෝවක් දැමූ ලාංකික සේවිකාව කුවෙට් අත්අඩංගුවේ.. වසර 05ක් සිර දඬුවම් ලැබෙනු ඇත..

Shiran Viraj

උතුරු මුහුදේ අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 52ක් නිදහස් කරයි..

Shiran Viraj