Local News News

වාහන දුම් සහතික සමාගම් වල සහතික බොරු.. දුම් පරීක්‍ෂාව ලංගම යටතට…

වාහන විමෝචන පරීක්ෂණ සහතික නිකුත් කිරීම ලංකා ගමනාගමන මණ්ඩලයටත් ලබා දීම, අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කර තිබෙන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ දී පැවති කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමිනි.

මෙහි දී අදහස් දැක් වූ අමාත්‍යවරයා,

“වාහන විමෝචන පරීක්ෂණ සහතික නිකුත් කිරීම සහ එම සහතික ලබා ගැනීමට අනිවාර්ය කර ඇති අතර ඒ සඳහා සහතික නිකුත් කිරීම පෞද්ගලික සමාගම් දෙකකට පමණක් සීමා කර තියෙනවා.

2008 වර්ෂයේ සිට ආරම්භ කර 2013 වර්ෂය වන විට වායු විමෝචන මධ්‍යස්ථාන දිවයින පුරා ව්‍යාප්ත කිරීමට කටයුතු කර තිබෙන අතර මෙමගින් පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගෙන සහතික නිකුත් කිරීමේ වැඩපිළිවෙළ පුළුල් කිරීමටත් වෙනස් වූ සමාගම්වලට ද එම අවස්ථාව ලබා දීම සුදුසු බවටත් ලංකා ගමනාගමන මණ්ඩලය වැනි රාජ්‍ය ආයතනවලට ද වායු විමෝචන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සුදුසු බවත් යෝජනා කරමින් යෝජනා කරමින් මා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කර තිබෙනවා.

අපි මේකෙදි විශේෂයෙන් බලන්න ඕනෙ දුම් පරීක්ෂා කිරීම සඳහා භාවිතා කරන ඒ ආයතන දෙක කෙරෙහි විශාල වශයෙන් මහජන පැමිණිලි තියෙනවා.

ඒ සම්බන්ධව ඇත්තටම රජය බලාපොරොත්තු වෙන්නෙ මේ රටේ පරිසරය ආරක්ෂා කරන්නත් රජයට ආදායමක් ලබා ගන්නත්.

හැබැයි මේ වෙන කොට ඒ සමාගම් දෙකෙන් ලබා සේවාව නිසා ඒ කිසිම දෙයක් සිදු වෙන්නෙ නෑ.
රජයට විශාල වශයෙන් මහා පරිමාණයේ පාඩුවක් වෙනවා. ඒ අයට ලබා දෙන මුදල 10%යි රජයට ලැබෙන්නෙ. 90%ක් එම සමාගම් ලබා ගන්නවා.

ඒ වගේම ඒ පරීක්ෂණ කරන යන්ත්‍රවල කිසිම සත්‍යභාවයක් තොරව ලබා දෙන අවස්ථා විශාල වශයෙන් තිබෙන නිසා මම විශේෂයෙන්ම මේ සම්බන්ධව කැබිනට් මණ්ඩලයට ඉල්ලීමක් කරලා මේ සම්බන්ධයෙන් විශාල වශයෙන් තියෙන පැමිණිලිවලට විසඳුමක් ලබා දෙන වැඩපිළිවෙළක් ගැන මම අවධානය යොමු කළා.

ඒ නිසා අපි ඉදිරියේ දී මේක නැවතත් ටෙන්ඩර් කරලා ඒ සම්බන්ධව වෙනත් ආයතනවලටත් මෙම අවස්ථාව ලබා දීමට කටයුතු කරනවා”

– Media unit

Related posts

රුසියාවෙන් තෙල් ගන්නේ නැත්තේ ඇමරිකාව තරහ වෙන නිසා..- අගමැති රනිල්

Shiran Viraj

නිවාස කිහිපයකට හානි කරමින් මුලතිව් හීදි RPG උණ්ඩයක් පුපුරයි

Shiran Viraj

ඕස්ටේ‍්‍රලියානු ආර්ථිකය අවපාතයකට ඇද වැටේ

Shiran Viraj

Leave a Comment