News Political

ජනාධිපතිවරණය පවත්වනවා.. මුදල් වෙන් කර අවසන්..- මැතිවරණ කොමිසම දන්වයි

මේ වසර තුළ ජනාධිපතිවරණය අනිවාර්යෙන් පැවැත්වීමට නියමිතව ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සමන් ශ‍්‍රී රත්නායක මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ නොවැම්බර් මස දහ අටවැන දිනට මාසයකට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට කොමිෂන් සභාවට සිදුවන බවයි.

ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව කරන ලද ඉල්ලීම අනුව අයවැයෙන් මුදල් වෙන්කර ඇති බවත් ඔහු පවසයි.

ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන දහයක මුදලක් වැයවනු ඇතැයි ගණන් බලා ඇති බවද හෙතෙම කියා සිටියේය.

Related posts

මරික්කාර්ට ප‍්‍රබල කැබිනට් ඇමති ධුරයක්…

Shiran Viraj

ජෝන් – රන්ජන් ගැටෙයි – රන්ජන්ට පරීක්ෂණයක් ?

Shiran Viraj

මාව පරද්දලා රට දුන්නේ මෛත්‍රීට මිසක් රනිල්ට නෙමෙයි

Shiran Viraj