සියලු ව්‍යපාර වැට් බදු ගෙවීමට යටත් කලොත් පොත්පත් සියල්ලේ වැට් බද්ද අඩු කළ හැකි බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
පානදුර නගරයේදී සරසවි පොත් මැදුර නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
1973 වර්ෂයේ ආරම්භ කර ඇති සරසවි සමූහ ව්‍යාපාරයේ 30 වන ශාඛාව මෙය වේ.
විෂය භාර ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ දීප්තිමත්, කීර්තිමත් ආදිෂ්‍යයෙක් තමයි ප්‍රේමසිරි මහත්මා. මධ්‍ය විද්‍යාල පරම්පරාවේ ඇතමෙක් අපේ රට තුළ විවිධ ක්ෂේත්‍රවල ප්‍රතිභා, ප්‍රභා සහිත යම්කිසි වටිනාකමක් ජාතියට එකතු කරලා තියෙනවා. ව්‍යාපාර ක්ෂේත්‍රයේ පුංචිම තැනින් ආරම්භ කරලා අනේක විධි දුක් දොම්නස්සයන්ට මුහුණ දෙමින් විවිධ අපහාස උපහාස වලට මුහුණ දෙමින් සාර්ථක ව්‍යාපාරික ගමනක් ගිහිල්ලා ජාතික අවශ්‍යතාවයන් ඉෂ්ඨ කරන්න ව්‍යවසායකයෙක් ලෙස එතුමා දක්වපු මෙහෙවරට අපි ගරු කරනවා.
මෙතෙක් කලයක් තිබුණේ නෑ පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ පොත්පත් වලට වැට් බද්දක්. අලුතෙන් 18%ක වැට් බද්දක් පැනෙව්වා කිව්වහම මාධ්‍යයේ ප්‍රචාරණය කෙරෙන ආකාරයට ඒක විශාල පීඩනයක් ඇතිවෙන දෙයක් ලෙස නම් කරනවා.
අගයානුකූල බද්ද එනම් වැට් බද්ද මීට පෙර පසුගිය රජය යටතේ 15% ක්ව තිබුණා. නමුත් ඒ අවස්ථාවේදී නිදහස් භාණ්ඩ ලැයිස්තුවේ තමයි පොත්පත් තිබුණේ. අදත් සහල්, එළවළු, පලතුරු, තේ දළු වැනි ප්‍රාථමික තත්ත්වයේ භාණ්ඩවලට වැට් බද්දක් නැහැ. අගයානුකූල බද්දේ අර්ථය තමයි එකතු කරන අගයක් තිබුණොත් පමණයි බදු බැඳියාවට යටත් වන්නේ.
පොත් වලට 18% ක වැට් බද්දක් ඇය කරන්නේ පොත් මිලදී ගැනීමේදී යෙදවුම් පිරිවැය අඩු කර ලැබෙන මුදලට පමණයි වැට් බද්ද ගෙවන්න වෙන්නේ. නමුත් තියෙන ප්‍රශ්නය පොත්පත් වලට වැට් බදු අය කළාම බද්ධට යටත් වන සීමාව වෙන්නෙ මිලියන 60 වඩා වැඩි නම් තමයි බදු බැඳියාව ඇතිවෙලා තියෙන්නෙ ඒ නිසා විශාල පරිමාණයේ පොත් ප්‍රකාශන දහ පහළොස් දෙනෙක් තමයි වැට් බද්දට යටත් වෙන්නේ.බහුතරයක් පොත් සාප්පු හිමියන් වැට් බද්දෙන් නිදහස් වෙනවා. මේ තත්ත්වය අපි අදාළ ක්ෂේත්‍ර වලට පැහැදිළි කර තියෙනවා. වැට් බද්දේ බර අඩු කරන්න පුළුවන් එකම ක්‍රමය අපි සියලු දෙනා, සෑම ව්‍යාපාරිකයෙක් විසින්ම කුඩා හෝ එකතු කළ අගයට බද්දක් ගෙව්වොත් පමණයි. ඔක්කොම බදු ගෙවනවා නම් ඒ අය කරන බදු ප්‍රතිශතය අඩුවෙනවා.
එතකොට මේ අර්බුදය විසඳෙනවා. අපේ රටේ විගණකාධිපතිගේ වාර්තාවට අනුව 2022 වර්ෂයේ ලංකාවේ ආණ්ඩුව ඍජු හා වක්‍ර බදු වලින් එකතු කරලා තියෙන මුළු ආදායම මිලියන 1751යි. එයින් මිලියන 1965ක් එනම් 72% වැය වී ඇත්තේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහායි. රාජ්‍ය සේවකයන් නොවූවත් සියලු දෙනා රාජ්‍ය සේවකයින්ට බිලියන 1265ක් ගෙවීම සඳහා බදු ගෙවා තියෙනවා. මේ ලෝකයේ කිසිම රටක එකතුවන බදු ආදායමෙන් 72%ක් ඒ රටේ ඉන්න රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට වෙන් කරන රටක් මගේ දැනීම තුළ නැහැ. බිලියන 1751න් බිලියන 506ක් සමෘද්ධි ඇතුළු දිළිඳු අයට සහනාධාර සඳහා වැයවෙනවා එයා බදු ආදායමෙන් 28%ක්. 2022 වර්ෂයේ මුළු බදු ආදායම ඒ දෙක ගෙව්වාම ඉවරයි.
ඒ අවුරුද්දේ රාජ්‍ය ණය සඳහා පොලී ගෙවලා තියෙනවා බිලියන 1565ක්, විදුලිය මංමාවත් වගේ ඒවට ප්‍රාග්ධන වියදම බිලියන 715ක් ඒ ඔක්කොම කරලා තියෙන්නේ ණයට අරගෙන. කවුරු ආණ්ඩු කෙරුවත් කවුරු ජනාධිපති වුණත් නිදහසින් පස්සේ ලංකා ආණ්ඩුවේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇතිවෙලා තියෙන්නෙ පස් සැරයක් පමණයි. අනිත් හැම අවුරුද්දේම ආණ්ඩුව එදිනෙදා පවත්වාගෙන යාමේදී දරනු ලබන පුනරාවර්තන වියදම් පියවා ගන්න ප්‍රමාණවත් ආදායමක් කාගෙවත් ආණ්ඩුවකට තිබිලා නැහැ. සෑම ආණ්ඩුවක්ම පාරවල්, පාලම්, අනිකට්, පාසල් හදලා තියෙන්නෙ, දුම්රිය පීලි අරගෙන තියෙන්නෙ, දුම්රිය එන්ජින් මැදිරි අරගෙන තියෙන්නේ ණයට මේ ණයගොඩ එකතු වෙලා එකතු වෙලා ණය මදිවෙච්චාම සල්ලි අච්චු ගහලා තියෙනවා. දැන් ගත්ත ණය ගෙවා ගන්න බැරි වෙලා තියෙනවා සල්ලි අච්චු ගහන එක තහනම් කරලා තියෙනවා. දැන් කිසි රටක් ණයට දෙන්නේ නැහැ. ඒ නිසා අපි කැමැති වුණත් අකමැති වුණත් ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක් රටක් වශයෙන් ගෙවන්නෙ.
ඇතිකරගෙන තියෙන එකඟතාවයන්ට අනුව 2028 වන කොටත් විදේශ සම්පත්වල පරතරයක් ඇතිවෙනවා ඇමෙරිකානු ඩොලර් මිලියන 3911ක. 2027 වර්ෂය වන විට අපේ විදේශ වත්කම් ප්‍රමාණය බිලියන 14 දක්වා වැඩි විය යුතුයි. ඒ නිසා මේ අනතුර පිළිබඳ පොත් ලියන්න ඕන, සාකච්ඡා කරන්න ඕන, විද්වතුන් අතර දේශපාලන නොවන ආර්ථික විද්‍යාත්මක සංවාදයක් ඇතිවිය යුතුයි.එම නිසා මම ප්‍රේමසිරි මහතාට පොතක් ලියලා දුන්නා සියලු සංඛ්‍යා දත්ත ඇතුළත් කරලා ආර්ථික විද්‍යා හෝරාවක් කියළා. අපි අන්තර් ජාතික ඇති කරලා තිබෙන ගිවිසුම් ටික පිළිබඳව.
ඒ පොත අළෙවි කර ගැනීම සඳහා ආධාරකයක් වෙන නිසා සරසවි පොත්හල් රටපුරා වැඩි වැඩියෙන් ඇති කරන්න ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. අනගාරික ධර්මපාලතුමා ප්‍රකාශයක් කරලා තිබුණා. මම මුදල් විශුද්ධිකරණය පොතේ උපහාරයක් ලෙස එතුමගේ වැකි දෙකක් ඇතුළත් කරලා තිපුණා.
‘‘අපේ ජාතිය ගලවා ගැනීමේ ඒකායන මාර්ගය අධ්‍යාපනයයි. ලංකාවේ ඇත්තේ අවජාතක අධ්‍යාපන ක්‍රමයකි. සිංහල තරුණයන්, ඇමරිකාව, ජපානය, ඡමනිය, ඉන්දියාව, හොංකොන්, ප්‍රංශය සහ එංගලන්තයට ශිෂ්‍යත්ව දී යවා තාක්ෂණය, විද්‍යාව, කෘෂිකර්මය, වාරිකර්මාන්තය ආදි නව විෂයන් ගැන දැනුමක් ලබාගෙන ආපසු ලංකාවට ගෙන්වා ගෙන ජාතිය ගොඩනැගීමේ කාර්යය ආරම්භ කළ යුතුය. දියුණු වීමට නම් ස්වයංපෝෂිතවීමට නම් විදේශීය භාණ්ඩ පරිහරණයෙන් හා පාරිභෝජනයෙන් වැලැකී
සිටිය යුතුය. රට තුළ නිෂ්පාදනය කළ හැකි සෑම භාණ්ඩයක්ම නිපදවිය යුතුය.
පරිහරණය කළ යුතුය.රට තුළ කර්මාන්ත නැවත ආරම්භ කිරීම තුළින් ධනය හා රැකියා උත්පාදනය කළ හැකිය. ධනය උත්පාදනය, සංසරණය හා හුවමාරු කිරීම් පිළිබඳ මූලික සිද්ධාන්ත ගැන අවබෝධයක් ලබාදිය යුතුය. ස්වභාවික සම්පත්, විශේෂයෙන්ම වන සම්පත් රැක ගැනීමට හා ඒවා වැඩි දියුණු කිරීමට ක්‍රම හා විධි ඇති කළ යුතුය. දක්ෂ, විශේෂඥ දැනුම ඇති පරිපාලන නිලධාරීන් පමණක් උසස් තනතුරුවලට පත්කළ යුතුය. ධර්මපාලතුමා එදා කියපු ටික අද කරලා තිබුණ නම් අද රට මේ තැනට වැටෙන්නේ නැහැ.
මේ අවස්ථාවට සරසවි සමූහ ව්‍යාපාරයේ අධිපති එච්. ඩී ප්‍රේමසිරි මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් එක්ව සිටියහ.
– Media unit