Local News News

ආනයන කල ඖෂධ කන්ටේනර් 40ක් රේගුවේ රදවාගනී…

ආනයනය කළ ඖෂධ කන්ටේනර් 41ක් කොළඹ වරායේ රඳවා ගෙන ඇතිබව වෛද්‍ය සැපයුම් අංශය පවසයි.

නිෂ්කාෂණ කටයුතු ප්‍රමාද වීම ඊට හේතුවී තිබේ.

අඩි 20ක් දිග බහාලුම් 22ක් සහ අඩි 40ක් දිග බහාලුම් 19ක් නිෂ්කාෂණය කර ගැනීමට තිබේ.

විවිධ රටවලින් ආනයනය කරන ලද ඹෟෂධ එම බහාලුම්වල ඇතුළත්ය.

ඉන් ඇතැම් ඒවා නිෂ්කාෂණය කර ඇතැත් මෙතෙක් වෛද්‍ය සැපයුම් අංශයට ගෙනවිත් නොමැත.

සාම්පල් පරීක්ෂා කිරීමේ ප්‍රමාද හේතුවෙන් එම බහාලුම් නිදහස් කර ගැනීම් ප්‍රමාද වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.

මෙරටට ගෙන එනු ලබන ඹෟෂධ මේ වනවිට හොඳින් පරීක්ෂා කිරීම ඊට හේතු වී තිබේ.

ලිපිගොනුවල පවතින අඩු පාඩු ද ඒවා නිෂ්කාෂණය කර ගැනීම ප්‍රමාද හේතුවී ඇතිබව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

රුසියාවෙන් තෙල් ගන්නේ නැත්තේ ඇමරිකාව තරහ වෙන නිසා..- අගමැති රනිල්

Shiran Viraj

ආහාර වේලට පෝෂණීය වෙනසක්

Shiran Viraj

චීනෙනුත් සාර්ථක කොවිඩ් එන්නතක්

Shiran Viraj