Local News News

රුසියා යුද පෙරමුණේදී මෙරට හමුදා සාමාජිකයන් 16ක් මරුට…

රුසියා යුක්‍රේන යුද්ධයේදී මේවන විට මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් 16 දෙනෙකු මියගොස් ඇතිබව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

මේ වනවිට ඊට සම්බන්ධ ජාවාරම් කරුවන් රැසක් අත්තඩංගුවට ගෙන ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

එම පුද්ගලයන් අතර විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙකු සහ සාජන් මේජර්වරයෙකු සිටීයි.

දැනට සිදුකර විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ ශ්‍රී ලාංකිකයන් 64 දෙනෙකු රුසියා යුක්‍රේන යුද්ධයට සහභාගි වී සිටින බවයි.

කෙසේ වෙතත් එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව පොලිසිය පවසයි.

මෙම මිනිස් ජාවාරම පිළිබඳ තොරතුරු 0112441146 දුරකථන අංකය මගින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය දැනුවත් කල හැකිය.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

ජනපති සිය ධූරකාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසයි !

Shiran Viraj

විදේශ කටයුතු අමාත්‍යංශයේ අංශයක් වැසේ

Shiran Viraj

හාල්, පොල් , බෙහෙත් දෙන්න බැරිව, තෙල් විදුලිය අඩු කරන්න බැරිව ආණ්ඩුව ගොත ගගහා කෙඳිරි ගගා ඉන්නේ..

Shiran Viraj