Local News News

අනුර ITN විවාදයේ පිටපත සභාපති හා ලාල්කාන්තගේ.. සාක්ෂි මාධ්‍යයට..

ජනමත විචාරණයක් හරහා ව්‍යවස්ථාවේ සංශෝධනයක් සිදු කර වත්මන් ජනාධිපතිවරයාට තවත් වසරක දිගුවක් දිනා ගැනීම පිලිබඳ මාතෘකාව ආණ්ඩුවේ “මයින්ඩ් ගේම්” එකක් බව එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. එසේ ජනමත විචාරණයකින් තවත් වසරක් ලබා ගන්නේ නම් ඊට පෙර පාර්ලිමේන්තුවේ 2/3ක කැමැත්ත ලබා ගත යුතුයි. නමුත් වර්තමාන ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුව තුළ 2/3ක බලයක් නොපවතින බවත්, එය කිසිදා සිදු නොවන්නක් බවත් එස්. එම්. මරික්කාර් මහතා විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමින්පැවසුවේය.

ඒ අනුව ලබන මස 16 වැනිදායින් පසු ජනාධිපතිවරණ ක්‍රියාදාමය සඳහා මැතිවරණ කොමිසමට බලය හිමිවන බවත්, එය කිසිසේත්ම රනිල් වික්‍රමසිංහ මහතා හෝ ආණ්ඩුව මගින් පාලනය නොවන්නක් බවත් මන්ත්‍රීවරයා අවධරණය කළේය. නියමිත පරිදි සැප්තැම්බර 16 හා ඔක්තෝබර 16 අතර දිනෙක ජනාධිපතිවරණය පැවැත්වීම අනිවාර්යය

හෙයින් ආණ්ඩුවේ මෙවන් හැසිරීම් හරහා මහජනතාව ව්‍යාකුල කිරීම දේශපාලන උපක්‍රමයක් බවයි එතුමන් චෝදනා කළේ.

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිලිබඳ තවමත් ජනාධිපතිතුමන් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ. තමන් පොහොට්ටුව සමග එක්ව තරග කළ හොත් සුළු ජාතික ඡන්ද අහිමිවන බවත්, පොහොට්ටුවෙන් වෙන්වී තරග කළ හොත් සිංහල ඡන්ද අහිමිවන බවත් රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ප්‍රත්‍යක්ෂ කරගත් සත්‍යකි.

2005 වසරේ ජනාධිපතිවරණ පරාජයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා නැවත ඉදිරිපත් නොවන්නට ගත් තීරණය පිළිබඳවද මන්ත්‍රීවරයා පැවසිය. 2010 දි සිදුකළේ අකුණු කොටන විට යකඩ අලවංගුව මිදුලට විසි කිරීම හා සමාන

ක්‍රියාවක් බවත්, 2015 දී වෙනත් චරිතයක් පිටින් අගමැති වූ බවත්, 2019 සමීක්ෂණ අනුව රනිල්ට කිසිදු ඉඩක් නැති බව දන සිටි බවත් එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා සිහිපත් කළේය.

ජනාධිපතිවරයා විසින් ඇතැම් පක්ෂවලට හා පුද්ගලයන්ට තමා සමග එක්වන ලෙස ආරාධනා කළද ඒ කිසිදු  පාර්ශවයක් රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණයකට ඉදිරිපත් වේ යැයි විශ්වාස නොකරන බවද එතුමන් පැවසීය. පොහොට්ටුවෙන් වෙන් වූ හා කොන් වූ කණ්ඩායම් පමණක් ජනාධිපතිවරයා සමග ඉතිරි වන බවත්, වෙනත් කිසිවෙකු ජනාධිපතිවරයා සමග එක් නොවන බවත් මෙහිදී සඳහන් විය.

රනිල් ප්‍රශ්න සියල්ල විසඳූ බවට උදම් අනන්නේ පෝලිම් නැති කළ නිසාදැයි විපක්ෂ නායක කාර්යාලයේ පවතී මාධ්‍ය හමුවේදී කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා ප්‍රශ්න කළේය. පෝලිම් යුගය නිම කරමින් ජනාධිපතිවරයා ගෙන්වා කඩවල පුරවා ඇති භාණ්ඩ මිලදීගැනීමටවත්, අද වන විට ත්‍රිරෝද රථයකට හෝ යතුරු පැදියකටවත් ටැංකිය පිරෙන්න ඉන්ධන පුරවා ගැනීමටවත් පුරවැසියාට වත්කමක් නොමැති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙන ලදී. ඊට හේතු වී ඇත්තේ මහජනයා සූරා කමින් සිදු කරන අසිමිත බදු අය කිරීමයි.

වත්මන් ජනාධිපතිවරයා පත් වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 83ක් වූ අතර අවසන් IMF වාර්තාවට අනුව එම ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 100 ඉක්මවූ බව දැක්වේ. රනිල්ගේ ධුර කාලය තුළ පමණක් මෙරට ණය බර ඇමෙරිකානු ඩොලර් මිලියන 17000කින් වැඩි වී තිබේ. ලබන වසරේ සිට නැවත විදෙස් රට වලින් ගත ණය හා ස්වෛරිත්ව බැඳුම්කර ගෙවීම ඇරඹීමේදී නැවත බදු වැඩි කිරීම හැර අපනයන ඉහල නැංවීමට හෝ විදෙස් ආයෝජන අවස්ථා ඇති කිරීමට කිසිදු පියවරක් ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා ගෙන නැත.

ජනාධිපතිවරයාගේ එකම ක්‍රමය බදු අය කර ගැනීම පමණයි. නමුත් ජනතාව මේ මොහොතේ බලාපොරොත්තුවන මුලික අවශ්‍යතාව වන්නේ බදු බරින් නිදහස් වී, බඩු මිල පහත දැමීම බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, රනිල්ට තව අවස්ථාවක් දිය යුත්තේ කුමකටදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය. මන්ත්‍රීවරයා දැනුම් දුන්නේ, තවත් දින 35කින් ජනාධිපතිවරණයට දින නියම කිරීම අනිවාර්යය නිසා තරග කරනවා ද…? පැන යනවා ද…? තීරණය ඉක්මනින් ගත යුතු බවයි.

මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ 2025 වසර සඳහා රජය ඉදිරිපත් කිරීමටනියමිත අතුරු සම්මත ගිණුම පිළිබඳවයි. ඊට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ,

“නියමිත පටිපාටිය අනුව අයවැයක් ඉදිරිපත් කළ යුත්තේ එළැඹෙන නොවැම්බරයේ වුවත් ඒ වන විට වත්මන් ජනාධිපතිවරයා ධුරයේ නැහැ. අතුරු සම්මත ගිණුම ගැන ප්‍රකාශ කළ රංජිත් සියඹලාපිටිය රාජ්‍ය ඇමැතිතුමාත් ඒ ධුරයේ නැහැ”. අයවැය ඉදිරිපත් කළ යුතු කාලය වන විට බිහි වී ඇත්තේ අලුත් ජනාධිපතිවරයෙක්, අලුත් ආණ්ඩුවක්, අලුත් අමාත්‍ය මණ්ඩලයක් පත් වී අලුත් අයවැයක් ඉදිරිපත් කරන බවත් අයවැයක් නොමැතිව රටක් පවත්වාගත නොහැකි බවත් එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය. වත්මන් ආණ්ඩුව දකින 2048 දක්වා තනතුරුවල වැජඹෙන සිහිනයෙන් අවදිවන ලෙස එතුමන් සිහිපත් කළේය. ලබන වසර සඳහා ජනාධිපතිතුමන් වෙනුවෙන් අමතර වැය ශීර්ෂයක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇතත් එය කිසිදු ප්‍රයෝගික පදනමකින් තොර බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ලබන වසරේ අය ගැන අවබෝධයක් නොමැතිව වැය ගැන කතා කිරීම පවා නිෂ්පල ක්‍රියාවක් බවයි. කෙසේ වෙතත් අලුත් ආණ්ඩුව අලුත් අයවැයක් ඉදිරිපත් කිරීම ස්ථිර බව එතුමන් විසින් අවධාරණය කෙරිණි.

එළැඹෙන ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා පරාජය වේවිද යන්න සහ අනුර කුමාර දිසානායක මහතා ජයගන්නා බවට සිදුකරන ප්‍රකාශයන් පිලිබඳ මාධ්‍යවේදීහු ප්‍රශ්න ඉදිරිපත් කළහ. ඊට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මහා පොළොවේ ජිවත්වන ඕනෑම කෙනෙකු මේ වන විට මහ පොළොවේ පවතින යතාර්ථය ඉතා හොඳින් දන්නා බව පැවසිය. වර්තමානයේ තරගය පවතින්නේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා සහ අනුර කුමාර දිසානායක මහතා අතර බව නොරහසකි. අවසානයේ මෙවර මැතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමන් සහ සමගි ජන බලවේගය අනිවාර්යයෙන්ම ජය ගන්නා බවත් තමන් නව ආණ්ඩුව පිහිටුවන බවත් එතුමා අවධාරණය කළේය. අනුර කුමාර දිසානායක මහතා ජය ගන්නා බව ඔහුගේ කටින්ම නොකියා වේදිකාවකට ගොඩවන්නට නොහැකිය. එනිසා ඔහු ඔහුගේ කටින් නිතරම ඔහු ජයගන්නා බව කියමින් සිටියි.

නමුත් මෙවර ප්‍රතිපලය 1982 වසරේ ජනාධිපතිවරණ ප්‍රතිපලයට සමාන ප්‍රතිපලයක් උදා වනු ඇති බව මරික්කාර් මන්ත්‍රීවරයා පැවසුයේ ඉතිහාසය සිහිපත් කර දෙමිනි. 1982 වසර වන විටත් ජවිපෙට මේ හා සමාන රැල්ලක් පවතී බවට සමාජ මතයක් ගොඩනගා තිබුණි. නමුත් එවර රෝහණ විජේවීර මහතාට හිමිවූ ඡන්ද ප්‍රතිශතය 4.19%කි. ජනාධිපතිවරණය නිමා වී ඡන්ද දායකයන්ට ස්තුතිවන්ත වීමටවත් එදා රෝහණ විජේවීර මහතා පැමිණියේ නැත. ලයනල් බෝපගේ මහතාගේ කෘතියේ දැක්වෙන පරිදි එම මැතිවරණය පරාජය වූ රෝහණ විජේවීර ඇඳෙන් බැස්සවීමට දින තුනහමාරක් ගිය බවද එතුමා මාධ්‍යවේදීන්ට සිහිපත් කර දුන්නේය. 2024 ප්‍රතිපලයද ඊට සමාන වන බවත් හන්දියේ රැස්වීමට ජනතාව පැමිණියද ඡන්ද ගණන් කරන විට ඡන්ද පෙට්ටියට ඡන්ද නොවැටී ඇති බව සැමදා සිදුවන දේ බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසිය.

විපක්ෂනායකවරයා 13 වන සංශෝධනය පිලිබඳ උතුරේදී සිදු කළ ප්‍රකාශය පිළිබඳවද මෙහිදී මාධ්‍යවේදීහු  ප්‍රශ්න කර සිටියහ. මන්ත්‍රීවරයා එහිදී මාධ්‍යවේදීන්ගෙන් විමසා සිටියේ විපක්ෂනයකතුමන් සිදු කළ සම්පුර්ණ කතාව පිළිබඳවයි. විපක්ෂනයකවරයාගේ ප්‍රකාශය වුයේ උතුරට හෝ දකුණට හෝ බස්නාහිරට හෝ නැගෙනහිරට එක් එක් ආකාරයේ නීති පැනවීමට නොහැකි බව හා එම නීති පැනවීමේදී උතුරට හා දෙමළ ජනතාවට සිදු විය යුතු සාධාරණ අවස්ථා සැළසීමට කටයුතු කරන බවයි. පළාත් සභා සංකල්පය අනුව වර්තමානය වන විටත් රෝහල් හා පාසල් බහුතරයකුත් පළාත් පාලන ආයතන සියල්ලත් පාලනය වන්නේ පළාත් සභා යටතේයි. උදාහරණ වශයෙන් ප්‍රජා පොලිස් ඒකක සහ පරිසර පොලිස් ඒකක පළාත් සභා වෙත ලබා දීමේ ගැටළුවක් නොපවතින බව තම පෞද්ගලික ස්ථාවරය බව දක්වමින් විපක්ෂනයකවරයාගේ අදහස පිලිබඳ මන්ත්‍රීවරයා පැහැදිලි කර දුන්නේය.

උතුරේ පමණක් නොව සෑම පළාතකම ශ්‍රී ලාංකිකයන්ට අධ්‍යාපනය ලැබීමේ හා රෝහල්වලින් ප්‍රතිකාර ලැබීමේ අයිතිය හා සමානවම යටිතල පහසුකම් සංවර්ධනය කර ගැනීමේ අයිතියත්, රැකියා අවස්ථා උදා කරගැනීමේ අවස්ථාවත් පවතින බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. වර්තමාන ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය මත නැවත තරුණ කැරැල්ලක මුල පිරීමක් විය හැකියි. රජයේ රැකියා ලබා දීමේ හැකියාවක් නොපවතින අවස්ථාවක, වෙනත් ආයෝජන සිදු නොවන අවස්ථාවක, තිබු රැකියාත් අහිමි වී ඇති මොහොතක, රැකියා උත්පාදනය සඳහා  වැඩපිළිවෙලක් නිර්මාණය නොකළ ආණ්ඩුවක් තිබෙන මොහොතක රැකියා ප්‍රශ්නය විසඳිය යුතුයි. උතුරේ ජනතාවටත් කොළඹ, මාතර, අනුරාධපුර හා නුවර ජනතාව හා සමාන පහසුකම් භුක්ති විඳීමේ අයිතිය ඇත. කිසිදු ආණ්ඩුවකින් ඔවුන් වෙත ඒ පහසුකම් ලබා නොදුන් බව අප කවුරුත් පිළිගත යුතුයි. ඔවුන්ට ඒ සාධාරණය ඉටු කළ යුතුයි. සමගි ජන බලවේගයේ අදහස වන්නේ සිංහල, දමිළ, මුස්ලිම් කවරෙකු වුවත්, ඔවුන් කුමන ප්‍රදේශයක ජිවත් වුවත් ශ්‍රී ලාංකිකයන් ලෙස සම අයිතීන් හා පහසුකම් හිමි විය යුතු බව එස්. එම. මරික්කාර් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා විසින් පසුගියදා ස්වාධින රුපවාහිනිය ඔස්සේ විකාශය වූ ඒකපාර්ශවීය විවාදය පිළිබඳවද මෙහිදී අදහස් දැක්වීය. ස්වාධීන රුපවාහිනියේ සභාපතිතුමන් ජවිපෙ ලාල්කාන්ත මහතා සමග සිටින ඡායාරුපයක් මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කරමින් මන්ත්‍රීවරයා චෝදනා කළේ ඔවුන් විසින් නිර්මාණය කළ තිර පිටපතකට අනුව එම  ඒකපාර්ශවීය විවාදය පැවැත්වූ බවටයි.

මෙම විවාදය පැවැත්වෙන්නේ ප්‍රධානතම ජනාධිපතිවරණ අපේක්ෂකයන් දෙදෙනා අතර බැවින්  අප ඔවුන්ව දැනුම්වත් කළේ මේ සඳහා ස්වාධින නිරීක්ෂකයන් අවශ්‍ය බවටයි. ඒ සඳහා සජබ විසින් යෝජනා කර තිබුණේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයයි. එමෙන්ම එම විකාශය සියලු මාධ්‍ය ආයතන සඳහා විවෘත කරන ලෙස සජබය යෝජනා කර තිබියදී ආණ්ඩුව යටතේ පවතින මාධ්‍ය ආයතනයක එය විකාශය කිරීමත් ඊට අනුර කුමාර දිසානායක මහතා සහභාගීවීමත් කැපිපෙනෙන සිදුවීමක් බවයි එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ. කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පවතී මාධ්‍ය හමුව අතරතුරදී මන්ත්‍රීවරයා අභියෝග කළේ හැකිනම් ආර්ථික කමිටු විවාදයද ඒ හා සමානවම පවත්වන ලෙසයි. සමගි ජන බලවේගය විසින් ආර්ථික කමිටු විවාදය යෝජනා කළ දිනයෙන් පසු තමා මෙරට කිසිදු මාධ්‍යයක විවාදයක හෝ සාකච්ඡාවක සුනිල් හඳුන්නෙත්ති මහතා නොදුටු බවද ප්‍රකාශ කර සිටියේය.

ස්වාධින රුපවාහිනියේ සභාපතිතුමන් ජනාධිපතිවරයාගේ උපදේශකයෙකු බවත්, විවාදය මෙහෙයවූ මාධ්‍යවේදියා රාජපක්ෂවරුන් හා සම්බන්ධව සිට සිරගත වූ චරිතයක් බවද මන්ත්‍රීවරයා සිහිපත් කර දෙන ලදී. ජනාධිපති උපදේශකවරුන්, ජවිපෙ හා එක්ව සංවිධාන කළ විවාදයකට ආරාධනා කර පමණින් අප සහභාගී විය යුතු නැතැයි මරික්කාර් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය

– Media unit

Related posts

නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය ඇරඹීමට පෙර මෛත්‍රි – මහින්ද මන්ත්‍රිවරු සමග සාකච්ඡා කරයි

Shiran Viraj

පාසැල් විවෘත කිරීම තවත් කල් යයි..?

Shiran Viraj

අහඹු පීසීආර් ධනාත්මකවීම නිසා රත්නපුර මැණික් බිස්නස් නවතයි

Shiran Viraj

Leave a Comment