Local News News

ජලාශ පිටාර මට්ටමේ.. ජල විදුලිය උපරිමයෙන්..

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පැවසිය.

කාසල්රි ජලාශයේ ජල මට්ටමට පිටාර මට්ටමට අඩි 12 ක් සහ මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 11 ක් වශයෙන් (08) දින වන විට තිබෙන බව එම ඉංජිනේරුවන් පැවසිය.

ජලාශයන් දෙකේම ජල මට්ටම ඉහල යාමත් සමග විමලසුරෙන්ද්‍ර , ලක්ෂපාන , නව ලක්ෂපාන , කැනියොන් සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව ජල විදුලි බලාගාර ඉංජිනේරුවන් කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ

Related posts

චම්පික හෙල උරුමය අතහැර එජාපයට.. අලුත් සන්ධානයේ ලොකු පුටුවකට උඩින් පනී.. දැනටමත් පෝස්ටර් ගහයි..

Shiran Viraj

“LTTE එක අරං ගිහින් මරපු මිනිස්සුත් ඉන්නවා නේ”- සැබෑ ප්‍රශ්න අරන් අරුන් ජිනීවා යන්න සැරසෙයි

Shiran Viraj

නාමල්ගේ බිරිද දරුවා රටින් පිටවෙයි…

Shiran Viraj

Leave a Comment