News Political

සජිත්ගේ හිතුමගේ කතාවෙන් SJB ගාලගෝට්ටියක්..

තම ආණ්ඩුවක් යටතේ 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශය මත එම පක්ෂය තුළ බරපතල මත ගැටුමක් ආරම්භ වී ඇති බව වාර්තා වේ.

ඒ සජිත් ප්‍රේමදාස මහතා එම ප්‍රකාශය කර ඇත්තේ පක්ෂයේ විධායක සභාව හෝ කෘත්‍යාධිකාරී මණ්ඩලය සමඟ සාකච්ඡාවෙන් තොරව වීම හේතුවෙනි.

පක්ෂ නායකයා සමග කඩිනමින් මේ පිළිබඳව සාකච්ඡා කිරීමටද ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සූදානම් වෙයි.

ඉකුත්දා කිලිනොච්චිය ප්‍රදේශයේදී සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තමන් කිසිවෙකුට බිය නැති බවත් තම ආණ්ඩුව යටතේ 13වෙනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන බවත්ය.

Related posts

පාර්ලිමේන්තුව විසුරුවන්නේ යයි කොටස් වෙලදපල දැවැන්ත කඩා වැටීමක…

Shiran Viraj

රට තුළ පවතින තත්ත්වයට මුවාවී මැතිවරණ කල් දාන්න එපා-මැකො

Shiran Viraj

රටවල් 49 ක් සහ ජාත්‍යන්තර සංවිධාන 08 ක ප‍්‍රධානීන් ඉදිරියේ ජනපති රට ගැන දුන් සහතිකය

Shiran Viraj