News Political

ජනාධිපති වූ ගමන් පාර්ලිමේන්තුව විසුරුවනවා.. නාකි වෙන්න පෙර බලය අතහරිනවා..

ජාතික ජන බලවේගයේ පාලනයක් තුල කිසිවකු හැරමිටියෙන් යනතුරු බලයේ නොසිටින බව පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

නියමිත කාලයට අතේ තිබෙන බලය නව තරුණ පරම්පරාවක් අතට භාර දෙන බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙසේ පැවසීය.

‘මාලිමාව ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. පාර්ලිමේන්තුවේ ඉන්න දූෂිත, විනාශකාරී කණ්ඩායම එළවනවා.

ඊළඟට පළාත් සභා, ප්‍රාදේශීය සභා ඡන්දවලින් අලුත් කණ්ඩායමක් අතට රටේ බලය මාරු වෙනවා.

අපට බලය අවශ්‍ය ඇයි? අපට පෞද්ගලික අවශ්‍යතාවන් නැහැ. ජාතික ජන බලවේගයේ ඉහළ මණ්ඩලවල කිසිවෙක් ඉඩම් අල්ලා ගන්න, හෝටල් ගන්න, ගල් මෝල් දාන්න, වැලි කපන්න, බහුදින යාත්‍රා දාන්න, බාර් දාන්න, පෙට්‍රල් ෂෙඩ් දාන්න එන්නේ නැහැ. හෝටල් දාන්න ඕන හෝටල් කර්මාන්ත කරන අය. වගා කරන්න ඕන ගොවිතැන් කරන අය. පෙට්‍රල් ෂෙඩ් දාන්න ඕන ව්‍යාපාරිකයන්. පතල් කපන්න ඕන මැණික් කර්මාන්තයේ යෙදෙන ව්‍යාපාරිකයෝ. අපිට බාර් දාන්න ඕන නැහැ.

රට ගොඩ දාන්න අපි හොඳ සැලැස්මක් හදනවා. ඒ වගේම අපි හැරමිටියෙන් යනකම් ඉන්නෙත් නැහැ. අපි නියමිත කාලෙට අපේ අතේ තිබෙන බලය නව තරුණ පරම්පරාවක් අතට බාරදීලා එයාලා රට කරන හැටි බලාගෙන ඉන්නවා. ඒත් එයාලා මේක දාලා යන්න කැමැති නැහැ.”

Related posts

ඇමරිකාවේ නිශ්පාදිත සන්නිවේදන පෙට්ටියක් මන්නරම් යුදහමුදා කඳවුරක් ආසන්නයට ගසාගෙන එයි…

Shiran Viraj

අපි හරිම කණගාටුවෙන් ඉන්නේ…- ෆර්ඩිනැන්ඩු නිසා අදානිත් කලකිරීමෙන්..

Shiran Viraj

ලංකාවේ තෙල් නැති නිසා විදෙස් ගුවන් යානා මගී ගමන් මළු දමා එති..

Shiran Viraj

Leave a Comment