Local News News

පියුමිට පුද්ගලික ජෙට් යානයක්..

තමන් ඊළඟට මිලට ගන්නේ පුද්ගලික ජෙට් යානාවක් බව නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි මහත්මිය සඳහන් කරයි.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණ ඉන් පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත ඇය මේ බව සඳහන් කළාය.

අද දිනයේ තමාගෙන් ප්‍රකාශයක් ලබා නොගත් බවත් වෙනත් දිනයක් ලබා දෙන බව ඔවුන් දැනුම් දෙන්නේ යයි පැවසූ බවත් ඇය පැවසුවාය.

තමන් සියලු මුදල් උපයන්නේ රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවියෙන් බවත් පවසන අැය වෙනත් කිසිදු ව්‍යාපාරයක් තමන්ට නැති බවද කියා සිටී.

ඒ බව තහවුරු කිරීමට අවශ්‍ය බැංකු ප‍්‍රකාශන ඇතුළු ලදුපත් විසිපන්දහසක් සමග පොලිසියේ පෙනී සිටි  බවද  ඇය  පැවසුවාය.

Related posts

ආණ්ඩුවෙන් ඉවත් වීමට දෙවරක් සිතන්නෑ.. විමල්ගේ යෝජනාවට මා එකගයි..- තොණ්ඩමන් මාධ්‍ය හමුවක….

Shiran Viraj

නීතිවිරෝධි වැලි කැනීම් වලට එරෙහිව දැඩි පියවර

Shiran Viraj

පාසල් අද ඇරඹෙයි – පළමු ශ්‍රේණියේ පන්ති ඇරඹීම ගැනත් දැනුම්දෙයි

Shiran Viraj