Local News News

සරසවි අනධ්‍යන සේවකයන්ට විසඳුම්..

විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක ගැටලුව මෙම සතියේ විසඳීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.

ඊට අදාළ කටයුතු මේවන විට සූදානම් කරමින් තිබේ.

මේ අතර විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් ,විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු ප්‍රාර්ශව රැසක් සමඟ සාකච්ඡා පවත්වා තිබේ.

එම සාකච්ඡා යම් සාධනීය මට්ටමක පවතින බව විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා පැවසීය.

තම ඉල්ලීම් සඳහා විසඳුම් ලැබෙන තුරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක බව වැඩිදුරටත් පැවසීය.

Related posts

ටික්ටොක් සහ වී චැට් නිසා අමෙරිකානු ජනපති සහ අධිකරණය අතර ගැටුමක්

Shiran Viraj

අලුත් දේශපාලන පෙරමුණක් හැදේ.. චම්පිකත් එක්වෙයි.. මාධ්‍ය හමුවක..

Shiran Viraj

කොරෝනා එන්නතට ලියාපදිංචි වෙන්න වෙබ් අඩවිය ආරම්භ කෙරේ..

Shiran Viraj

Leave a Comment