Local News News

මැතිවරණය වර්ජනය කරනු.. තුණ්ඩු බෙදා හැරේ.. පසුපස මන්ත‍්‍රීවරයෙක්..

ඉදිරි ජනාධිපතිවරණයේදි ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වලකින ලෙසට උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙත පත්‍රිකාවක් බෙදා හරින බවට පැමිණිල්ලක් ලැබි ඇතිබව ප්‍රජාතන්ත්‍රීය මැතිවරණ ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පැවසීය.

පාර්ලිමේන්තු මංත්‍රීවරයෙක් ඇතුළු කණ්ඩායමක් විසින් එම පත්‍රිකාව බෙදා හරින බව පැවසීය.

පසුගිය ජනාධිපතිවරණයේදීද මෙලෙස පත්‍රිකාවක් බෙදා හැරි බව පැවසීය.
මෙය ආණ්ඩුක්‍රම විවස්තාවේ සඳහන් ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් සහ 1981 ජනාධිපතිවරණ පනත ප්‍රකාරව සිදු නොකළ යුතු කටයුත්තක් බව විධායක අධ්‍යක්ෂවරයා පැවසීය.

යම් අයෙකුට සිය ඡන්දය භාවිතා නොකළ සිටීමට බලපෑම් කිරීම බරපතළ වරදක් බව පැවසීය.

මේ පිළිබඳව ජාතික මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කර තිබේ.

මේ අතර මඩකළපුව ප්‍රදේශයේ මංත්‍රීවරයෙකුගේ අනුගාමිකයන් පිරිසක් ආගමික අන්තවාදී මතයක් ගොඩනැගීමට උස්සාහ දරමින් සිටින බව වැඩිදුරටත් පැවසීය.

Related posts

බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුමකින් 5ක් මිය යයි

Shiran Viraj

රෙජිනෝල්ඩ් කුරේ රූපවාහිනියේ් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි…

Shiran Viraj

එංගලන්ත-ද.අප්‍රිකා පළමු විස්සයි 20 එක් ලකුණක තියුණු ජයකින් නිම වෙයි

Shiran Viraj

Leave a Comment