Business Business News News

IMF ගිවිසුම වෙනස් කලොත් මාස දෙකෙන් රට වැටෙනවා..- ප‍්‍රියංග දුනුසිංහ

කාර්තු හයක් අඛණ්ඩව ඍණ ආර්ථික වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකා ආර්ථිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය මත 2023 අවසාන කාර්තුව වන විට දණ අගයක් වාර්තා කරනමින් යථා තත්ත්වයට පත්වෙමින් ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසයි.

ආචාර්ය දුනුසිංහ පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම පිළිබඳ නැවත සාකච්ඡා කරන බවට ඇතැම් දේශපාලන පක්ෂ සිදුකරන ප්‍රකාශ රටේ ආර්ථිකයට කුමන ආකාර බලපෑමක් සිදුකරන්නේ දැයි ජනතාව තීන්දු තීරණ ගැනීමේ දී සිතා බැලිය යුතු බවයි.

IMF ගිවිසුම සමග උද්ධමනය පොළී අනුපාත පහත ගොස් විනිමය අනුපාත රු. 300ක පමණ ස්ථාවර වී ඇති බවත් ඉදිරියේ නව ආණ්ඩුවක් පත්වුව ද දැනට යෝජිත 2027 වන විට බදු ආදායම දළ ජාතික නිෂ්පාදනයෙන් 15.3%ක් කිරීම, දජානියට සාපේක්ෂව ණය අනුපාතය 2032 වන විට 95% දක්වා පහත හෙළීම, විදෙස් ණය ගෙවීම දජානියෙන් 4.5%කට අඩු කිරීම ආදී ඉලක්ක පිළිබඳ නැවත සාකච්ඡා කළ නොහැකි බවත් ආචාර්ය දුනුසිංහ සඳහන් කරයි.

එම ඉලක්ක වෙත ළඟා වන ක්‍රමවේදය වෙනස් කළ හැකි දැයි සාකච්ඡා කළ හැකි වුව ද මෙම ගිවිසුමට එළඹීමට පෙර මුදල් අමාත්‍යංශ, මහ බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් එම විකල්ප පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කොට ඇති නිසා එවැනි විකල්ප තිබේ ද යන් පිළිබඳ ඇත්තේ උභතෝකෝටියකයක් බවයි, ආචාර්ය දුනුසිංහ අවධාරණය කළේ.

බදු අඩු කොට පැහැර හැරී බදු එකතු කර ගැනීම ආදී කතා දේශපාලන වේදිකාවේ සාකච්ඡා කළ හැකි වුව ද කෙටී කාලීනව එවැනි විසඳුම් කෙටිකාලීනව ඵලදායි නොවන බව IMF සංවිධානය දන්නා බවත් IMF සහාය ප්‍රමාද වුවහොත් රජයට 2025 වසර සඳහා අයවැය ඉදිරිපත් කිරීමට පවා නොහැකි වනු ඇති බවයි, ඔහු සඳහන් කළේ.

ඉදිරි ආණ්ඩුවක් IMF ආයතනය සමග ඇති කරගත් ගිවිසුම අහෝසි කොට වෙනත් විකල්ප ක්‍රියාමාර්ග වෙත යාමට උත්සාහ කළහොත් මාස දෙකක් ඇතුළත රට නැවත කඩා වැටෙනු ඇති බවට ද ආචාර්ය ප්‍රියන්ත දුනුසිංහ අනතුරු අඟවයි.

පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු මේ බව කීය.

– Repoter

Related posts

කොරෝනා නිසා හැමදේම නතර කලොත් ජනතාවට මීට වඩා දුෂ්කරතා මතුවෙනවා..- අගමැති

Shiran Viraj

රංගන හේරත් සමු ගන්න එයි

Shiran Viraj

වහා ඉන්ධන මිල වැඩි කරන්න.. නැතොත් බැංකු පද්ධතිය ඉවරයි..- මහ බැංකු අධිපති දැනුම් දේ…

Shiran Viraj

Leave a Comment