News Political

අනුර ආවොත් ඩොලර් රුපියල් දෙකම නැති වෙනවා.. සජිත් දින්නොත් ඩොලර් රුපියල් උතුරනවා..

අද රටේ ඇතිවෙලා තියෙන දේශපාලන අස්ථාවර භාවය නිසා කොටස් වෙළඳපොල කඩා වැටෙමින් තියෙනවා. ඩොලර් එක ඉහළ යාමේ අවදානමක් තියෙනවා. ඉදිරියේ දී ඡන්ද තුනක් තියන්න රුපියල් කෝටි 3000 කට වඩා වැය වෙනවා. මේ රටේ ආර්ථික ගොඩදාන්න පුළුවන් කණ්ඩායමක් අතට බලය ගියේ නැත්තම්, ඡන්ද ඉවර වෙනකොට ආයෙත් රට පෝලිම් යුගයකට වැටෙනවා. ඒ නිසා රාජ්‍ය පාලනයට හොඳම කණ්ඩායම සිටින සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා ලෙස පත් කර ගත යුතු යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න පැවසුවාය.

මේ ජනාධිපතිවරණයට රුපියල් කෝටි 1000 ක් වැය වෙනවා. ඊට පස්සේ තවත් කෝටි 1000 කට වඩා වැය වන මහා මැතිවරණයක් තියන්නම වෙනවා. අධිකරණ නියෝගය අනුව පළාත් පාලන ඡන්දයටත් තවත් කෝටි 1200 ක් ඕනි. මේ ටික කරන්න විතරක් රුපියල් කෝටි 3200 කට වඩා අවශ්‍යයි. රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුව වගේ නෙවෙයි, සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආණ්ඩුවකින් නිසි කාලයට මැතිවරණ පවත්වලා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් රටේ ඇති කරනවා. හැබැයි මේවා කරන්න නම්, රටට මුදල් උත්පාදනය කරන්න පුළුවන් නායකයෙක් අවශ්‍යයි. එයට දක්ෂ කණ්ඩායමක් අවශ්‍යයි. මේ රට නැවත ගොඩනගන්නට පුළුවන් කණ්ඩායම ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා සමඟ යැයි රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය පැවසූවේ දඹුල්ලේ පැවති රැස්වීම් මාලාව අමතමිනි.

අපේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම තවමත් ගොඩ ඇවිල්ලා නෑ. ලබන වසරේ අය වැය හදන්නට වෙන්නේ දෙසැම්බර් මාසයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබෙන්නට තියෙන ඩොලර් මිලියන 700 අරගෙන. ඒක තමයි ආර්ථික ගොඩ දැම්මා කිව්වාට රටේ ඇත්ත තත්වය.

කිසිම පළ පුරුද්දක් නැති පිරිසක් බලයට ආවොත් ආයෙත් සැරයක් අර ගෝඨාභය ගේ කාලයේ වගේ රටත් විනාශ වෙනවා. නැවත ගොඩගන්නට බැරි විදිහට රට අගාධයට යනවා.

මතක තියාගන්න, ලෝක බැංකුවේ, ආසියානු සංවර්ධන බැංකුව වගේ තැන්වලට අපි අඛණ්ඩව ණය ගෙවන්න ඕනි.

අත්හදාබලන්න පාලකයෝ පත් කර ගත්තොත්, ඉස්සර වෙලාම මේ රටට ලැබෙන්න තියෙන ඩොලර් ටික නැති වෙනවා. එතකොට ආය ඩොලර් හිඟයක් ඇති වෙනවා. තෙල් නැති වෙනවා. ගෑස් නැති වෙනවා. බෙහෙත් ටික නැති වෙනවා. පොහොර ටික නැති වෙනවා.

අද රු. 300 ට තියෙන ඩොලර් එක රු. 400 ට යන්න පටන් ගන්න අයි.එම්.එෆ්. ගිවිසුමේ මුදල් ටික මාස තුනක් පරක්කු වුනොත් අති.

ඡන්ද තියන්න රුපියල් කෝටි 3000 ක්, 2025 ජනවාරිවල වැටුප් කරන්න, අනෙක් සහන දෙන්න තවත් රුපියල් බිලියන 2000 ක් විතර අවශ්‍යයි. එහෙම සල්ලි හොයන්න පුළුවන් ආර්ථික විශේෂඥයින් ඉන්න එකම පක්ෂය සමගි ජනබලවේගය යි.

ඡන්ද ටික ඉවර වෙනකොට භාණ්ඩාගාරය හිස් වෙලා රුපියල් නැති වෙනවා. එතකොට අනුර කුමාරටයි, ලාල් කාන්තගේ ජවිපෙ කාඩර් එකයි ආයෙත් සැරයක් මේ රටේ ආර්ථිකය හකුළන්න වෙනවා. ආර්ථිකය හකුලනවා කියන්නේ කන කෑම ටික අඩු කරන එක. දරුවටන්ට අධ්‍යාපනය ලබාදෙන්න බැරි වෙන එකට. ඇඳුමක් පැලදුමක් ගන්න බැරි වෙන එකට. ලෙඩට බෙහෙත් ටික ගන්න බැරි වෙන එකට.

ජවිපෙ ආවොත් එක පැත්තකින් ඩොලර් නැති වෙනවා. අනික් පැත්තෙන් රුපියල් නැති වෙනවා. රට බංකොලොත් වෙනවා.

ජනාධිපතිවරණයේ තරඟය තියෙන්නේ සජිත් සහ අනුර අතරයි. පොහොට්ටුවේ නාමල් රාජපක්ෂට එයාගේ පක්ෂය නෙවෙයි, 2005 අප්පච්චිව බලයට ගෙනාපු ජවිපෙ කාඩර් එකෙන් රාපණ බේරාගන්න ඕනි නම්, ගමේ අහිංසක පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ, ඡන්දපොල නියෝජිතයාගේ ගෙවල් ටික බේරගන්න ඕනි නම්, දැන් පාක්ෂිකයින්ට කියන්න — ජවිපෙ පරද්දන්න පුළුවන් එකම අපේක්ෂකයා වෙච්ච සජිත් ප්‍රේමදාසට ඡන්දය දෙන්න කියලා.

මේ මාතලේ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට විල්ගමුවේ, රත්තොට යන යන තැන හූ කියනවා කියලා ආරංචියි. හූ කියන්න එපා. එළවාගන්න එපා. ඒ අයට කියන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. පොහොට්ටුවට ඡන්දය දුන්න බහුතරය දැන් ඉන්නේ සජිත් එක්ක.

අපේ පරණ එක්සත් ජාතික පක්ෂයේ හිතවතුන්ට කියන්න තියෙන්නේ, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට මේ ඡන්දය දිනන්න බෑ. එයා හදන්නේ කොහොම හරි ඊලඟ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා වෙන්න. රනිල් උස්සන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා. දිනන්න පුළුවන් සජිත්ට ඡන්දය දීලා ඉස්සර වෙලාව අපේ කෙනෙක් රාජ්‍ය නායකයා කරගමු. රටේ සේනාධිනායකයා කර ගනිමු.

– Media unit

Related posts

ලංකාවේ බොහෝ තැන්වලට අද වැස්ස නෑ

Shiran Viraj

තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට සමුදෙයි

Shiran Viraj

සන්ධානය බහුතරය පෙන්වන්නට සැරසෙයි! පළමු අත්සන නිමල්ගෙන්

Shiran Viraj

Leave a Comment