News Political

අනුර දිසානායක පුංචි අම්මාගේ පෙට්ටගමේ තිබුනු ඩොලර් මැතිවරණට ලැබුණා කියා පිලිගත්තා..

‘දූෂණය ගැන කතා කරන අනුර කුමාර දිසානායක මහතා පසුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ එතුමාගේ පුංචි අම්මාගේ පෙට්ට ගමේ තමයි ඩොලර් ටික තිබුණේ. ඒක එතුමා පිළිගත්තා. ඔහු මාධ්‍යයට ඇවිල්ලා කිව්වේ පුංචි අම්මාගේ පෙට්ටගමේ තිබුණ ඩොලර් නෝට්ටු ටික මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ලැබුණා කිව්වා’ යයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අරගලයෙන් ප්‍රචන්ඩත්වය ඇති කළ නායකයකුට මේ රට භාර ගෙන කටයුතු කළ නොහැකි බවත්එවැනි නායකයකු පත්වුවහොත් මේ රට අද බංගලාදේශය පත්ව ඇති ඉරණමට එහා ගිය තත්ත්වයක් උදාවෙන බවත් ඔහු අවධාරණය කරයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘පුළුවන් ශ්‍රී ලංකා ‘ ජයග්‍රාහී ජනරැළි මාලාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ආසනයේ ජන රැළිය අමතමිණි. එම ජන රැළිය කිරිදිවෙල බස් නැවතුම්පොළ අසලදී පැවැත්වුණි.

මෙහිදී අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද පැවසීය,

“මගේ දේශපාලන ජීවිතේ අවුරුදු 40ක කාල සීමාව තුළ දොම්පේ ජනතාව කටයුතු කළ ආකාරය අපි දන්නවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්නේ අභියෝග භාර ගන්න පුළුවන් රටට ආදරය කරන මිනිස්සු. මහින්ද රාජපක්ෂ මහත්තයා එදා පරාජයට පත් වුණාට පස්සේ පොහොට්ටුව හදලා නැවත එතුමා බලයට ගේන්න කටයුතු කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ අපියි. ඒ සඳහා මට ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව විශාල සහයක් ලබා දුන්නා. එදා රට බේරගත් නායකයා වෙනුවෙන් කටයුතු කළා වගේම ආර්ථික අර්බුදය ‍වෙලාවේ හැමෝම පැනලා යනකොට මේ රට ගොඩගන්න පුළුවන් කියලා හිතලා අභියෝග භාරගෙන රටට නායකත්වය දුන් ඒ නායකයාව නැවත මේ රටේ බලයට ගේනවා කියලා අපි කිව්වා. අපි අභියෝග භාරගෙන කටයුතු කරන කණ්ඩායමක්. අපිට මේ ජයග්‍රහණය ගැටලුවක් නෙමෙයි.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයෝ 39 දෙනාගෙන් පාර්ලිමේන්තුවේ හිටපු ඇමතිවරු හත් දෙනෙක් ඉන්නවා. ඒ කිසිවකු එදා ඒ අභියෝගය භාර ගත්තේ නෑ. ඒ අභියෝගය භාර ගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විතරයි. එවැනි අභිගෝය රැසක් එතුමා භාර ගත්තා. එදා රණසිංහ ප්‍රේමදාස මහතා ජීවිතක්ෂයට පත්වුණාම රටේ ජනතාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය ධූරය භාරගෙන කටයුතු කළා. 99 දී මේ රට සෘණ ආර්ථිකයකට ගිය වෙලාවේ මේ රට නැවත ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කරන්න එතුමා කටයුතු කළා. ඒ වගේම 2022 දී මේ රටේ ආර්ථිකය කඩන් වැටිලා තෙල්, ගෑස් පෝලීම්වල හිටපු යුගයක් තිබුණා. අපිට අවශ්‍ය කරන බෙහෙත් අපිට තිබුණේ නෑ. ඒ වෙලාවේ මේ රටේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන් කියලා භාර ගත්තා. ඒ අවස්ථා තුනේදීම එතුමා මේ රටේ ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු කළා. රනිල් වික්‍රමසිංහ මහතා මේ මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්නේ අභියෝග ජයගන්න පුළුවන් නායකයෙක් බවට ඔප්පු කරලයි.

අනිත් අපේක්ෂකයෝ දෙන්නා දිහා බලන්න. අනුර කුමාර දිසානායක එදා අපේ ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමතිවරයා ලෙස කටයුතු කළා. එතුමා අසාර්ථකම ඇමතිවරයෙක් ලෙස ඉතිහාසගත වුණා. දූෂණය ගැන කතා කරන අනුර කුමාර දිසානායක මහතා පසුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ එතුමාගේ පුංචි අම්මාගේ පෙට්ට ගමේ තමයි ඩොලර් ටික තිබුණේ. ඒක එතුමා පිළිගත්තා. ඔහු මාධ්‍යයට ඇවිල්ලා කිව්වේ පුංචි අම්මාගේ පෙට්ටගමේ තිබුණ ඩොලර් නෝට්ටු ටික මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ලැබුණා කිව්වා. මැතිවරණ ව්‍යාපාරයට ලැබුණා නම් ඒ මුදල් ටික තියෙන්න ඕනේ තමන්ගේ පක්ෂයේ ගිණුමේ. හැබැයි ඒක තිබුණේ පෞද්ගලිකවම එතුමාගේ පුංචි අම්මාගේ ගිණුමේ. එහෙම අය තමයි අද දූෂණය ගැන කතා කරන්නේ. 88/89 කාලයේ ගෙවල්වල රත්තරං බඩු ටික කොල්ල කෑවා. හැදුනුම්පත් ටික ගත්තා. ඔවුන් අද හොඳ චරිත බවට පත්වෙලා මේ මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියනවා. 2022 අරගලය වෙලාවේ අනුර කුමාරගේ හෙල්මට් කල්ලිය තමයි ගෙවල් වලට ගිහින් වටිනා බඩු ටික ගත්තේ. ඊට පස්සේ ගෙවල් ගිණි තියලා ප්‍රචන්ඩත්වය ඇති කළා. එවැනි නායකයෙක්ට මේ රට භාර ගෙන කටයුතු කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑ.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් හොයනකොට අරගලයේ හිටපු නායකයෝ ටිකත් ගෙනාවා කතානායකවරයා සමඟ තිබුණ සාකච්ඡාවට. තමන්ට ඕනි නායකයාව ගේන්න හදන වෙලාවේදි තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේ නායකත්වය භාර දුන්නේ.

අද බංගලාදේශයට වෙලා තියෙන දේ බලන්න. අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් ආවා දින දෙකක් යන්න වුණේ නෑ ඒ රටේ ආරක්ෂක ප්‍රධානියාට, මහ බැංකු අධිපතිතුමාට අයින් වෙන්න වුණා. අදටත් ඒ රටේ ප්‍රචන්ඩත්වය ක්‍රියාත්මකයි. තමන්ගේ මතයට ගරු නොකරන අයව මහ පාරේ ගහලා මරලා දානවා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ව තමන්ගේ මතයට නැත්තම් ඒ විශ්ව විද්‍යාල ගොඩනැගිලි වලින් එලියට ඇදලා දාලා මරලා දානවා. අපේ රටටත් වෙන්න තිබුණ ඉරණම ඒකයි. ඒ ඉරණම නැති වුණේ රනිල් වික්‍රමසිංම මහත්තයා මේ රට භාර ගත්ත නිසයි. එවැනි තත්ත්වයකට ඉඩ නොදී මේ රටේ නීතිය හා සාමය ස්ථාපිත කළේ රනිල් වික්‍රමසිංහ මහත්තයා බව අප මතක තියා ගත යුතුයි.

රටට අවශ්‍ය එවැනි නායකයෙක්. අපිට 69 ලක්ෂයක් ඡන්දය ලබා දී තුනෙන් දෙකක බලයක් ලබා දුන්නාට අපිට ආර්ථිකය කළමනාකරණය කර ගන්න බැරි වූණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ඇමතිධූර පහක් දැරුවා. ඒත් මේ රටේ පොහොර ප්‍රශ්නයට විසදුම් ලබා දෙන්න බැරි වුණා. අපි කියපු දේවල් ඇහුවේ නෑ. අපිත් එක්ක ගොවියෝ තරහා වුණා. ගොවීන්ගේ ප්‍රශ්නය අපිට විසඳලා දෙන්න බැරි වුණා. ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය පිළිබඳව ගැටළුව ආවා. කමිටුවක් හදලා ඒ කමිටුවේ වාර්තාව හදලා ක්‍රියාත්මක කරන්න කිව්වා. ඒක කර ගන්නත් බැරි වුණා.”

විජයානන්ද හේරත්

Related posts

කුසල්ට ඇමරිකා වීසා තවම නෑ.. ප‍්‍රබලම පිතිකරු නැතිව කණ්ඩායම අසීරුවේ..

Shiran Viraj

කටුනායක කලාපේ මහා ජන රාශියක්.. දහස් ගාණක් එකතැන පොදිකති.. බස් යොදා ගෙදර යවයි…

Shiran Viraj

10 සිසුවෙක් කොරෝණා රෝගීන්ට සේවාවට රොබෝවෙක් හදයි.. වහාම හමුදාවෙන් ගෙන යයි..

Shiran Viraj

Leave a Comment