Local News News

තැපැල් ඡන්දෙ දාන්න පොලිසියට අමතර දිනයක්…

ඉදිරි ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට දින දෙකක් ලබාදීමට තීරණය කල බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

ඒ අනුව ලබන 04 වැනිදා තැපැල් ඡන්ද භාවිතා කිරීමට නොහැකි පොලිස් නිලධාරීන්ට ලබන 06 වැනිදා ද අවස්ථාව පවතියි.

මේ දිනවල දිවයින පුරා ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ප්‍රචාරක රැළි පැවැත්වෙයි.

එම රැලි වල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්ට යාමට සිදුවීම හේතු පාදක කර ගනිමින් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට දින දෙකක් ලබාදුන් බව පැවසීය.

එම දිනවල යම් හෙයකින් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි පොලිස් නිලධාරීන්ට ලබන 11 සහ 12 දෙදින ද හැකි බව වැඩිදුරටත් කොමසාරිස් ජෙනරාල්වරයා පැවසීය.

– Reporter

Related posts

චීනයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 1500ක විනිමය හුවමාරු පහසුකමක්

Shiran Viraj

විදේශවල සිරවී සිටින ලාංකිකයන් දහඅට දහසක් ගෙන්න රජය සූදානම්..

Shiran Viraj

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවා ලබා ගන්න පැමිණෙන ජනතාවට යළිත් මතක් කිරීමක්

Shiran Viraj

Leave a Comment