Local News News

නාමල් රටින් පලා යයිද…

මහපොලොවේ යථාර්ථය තේරුම්ගෙන ජනතාවත් සමඟ ජීවත්වන තමා දිවිහිමියෙන් රට හැර යන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

තමා රට අතහැර යාමට දේශපාලනය කරන අයෙකු නොවන බව පෙන්වාදෙන ඒ මහතා අපිව රටින් පැන යයි කියා බලා සිටි බොහෝ අයට රිදෙන්නේ පැනලා නොගිය නිසා බවද ඒ නිසා තමා අභියෝගවලට බිය නොමැති බවද පවසයි.

ඒ මහතා මේ බව සදහන් කළේ තංගල්ල, වාඩිගල පොළ භූමියෙදි පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තංගල්ල ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ නාමල් රාජපක්ෂ මහතා,

“මේ රටේ ජනතාව සාධාරණ ක්‍රමවේදයකට බදු ගෙවන්න සූදානම්. රාජ්‍ය ආදායම දේපල විකිණීමෙන් එහාට ගොස් බදු නොවන ආදායම වැඩිකර ගතයුතු වෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ ගෞරවය රැකිය යුතු වෙනවා. අද බොහෝ දේශපාලන වේදිකාවල රාජ්‍ය සේවකයන්ට පඩි වැඩිකරනවා කිය කිය ඔවුන්ගේ ගෞරවය නැති කරන්න ෑත්සාහ කරනවා. අපි ගෞරවය ආරක්ෂා කරනවා. උද්ධමනයට සාපේක්ෂව රාජ්‍ය සේවයකයන්ගේ වැටුප් වැඩිකළ යුතු වෙනවා. ඒක දේශපාලන වේදිකාවේ කරන්න ඕන කාරණයක් නොවෙයි. ඒක මැතිවරණයක් ළංවනවිට කරන්න ඕන දෙයක් නොවෙයි. ඒක රාජ්‍යයක් ලෙස කළයුතු කාරණයක්. පොලිස් නිලධාරියාගේ රාජකාරියට දේශපාලඥයන් මැදිහත් වියයුතු නැහැ. සාධාරණ ක්‍රමවේදයක් තුළ ක්‍රියාත්මක වියයුතු වෙනවා. රණවිරුවන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න දේශපාලඥයන් මැදිහත් වියයුතු නැහැ. රටේ මුල්බැස ගත් දේශපාලන සංස්කෘතියක්, ප්‍රතිපත්තියක් සහ වගකීමක් තිබිය යුතු වෙනවා ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න.

ලෝකයේ දියුණු යයි සම්මත හැම රටකම හමුදාවට, පොලීසියට හෝ අනෙකුත් ආයතනවලට නිසි ගෞරවයක් ලබාදෙනවා. ඒ ගෞරවය සමාජයේ ගොඩනැඟී තිබෙනවා. අද මහා සංඝරත්නයට අපහාස කොට බෞද්ධ සංස්කෘතියට පහර ගහනවා. අරගලයේ දී වෙසක් කූඩුව කළු පාටින් හැදුවා. අරගලය පටන් ගත්තේ ආර්ථික අර්බුදයක් ගැන කියලයි. අවසන් කළේ සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවෙයි කියලයි. අනෙක් පැත්තෙන් රණවිරුවන්ට, පොලීසියට තිබූ ගෞරවය නැතිකළා. ඔවුන් උත්සාහ කළේ මේ රටේ සංස්කෘතියට ගහන්නයි. අපේ කමට ගහන්නයි. ඔවුන්ට උවමනාව තිබුනේ මේ රට ගොඩනැඟුණු පදනම වට්ටන්නයි. නමුත් අපිට වගකීමක් තිබෙනවා. අපි ගොඩනැඟුණු පදනම ආරක්ෂා කළයුතු වෙනවා. ඒක දේශපාලනයෙන් එහාට ගිය වගකීමක්. පන්සල, පල්ලිය, කෝවිල සමාජය සමඟ බද්ධ කරන්න සංස්කෘතියට ගරුකරන දරුවන් පිරිසක් ගොඩ නඟන්න ඕන.

අවුරුදු 16 සාමාන්‍ය පෙළ විභාගය ලියලා උසස් පෙළ පමණක් තමන්ගේ එකම විකල්පය බවට පත් නොකර වෘත්තිය පුහුණුව, කාර්මික පුහුණුව සහ නිපුණතාවය ඔස්සේ ගොස් තාක්ෂණය සමඟ බද්ධවුණු ගොවියෙක්, ධීවරයෙක් ව්‍යවසායකයෙක් බවට පත්වෙන්න තරුණයන්ට නිදහස තිබිය යුතු වෙනවා. ඒ තුළ තමන්ගේ වෘත්තියට ගෞරවයක් සමාජයෙන් ලැබෙන්න ඕන. ඒක සාමජයේ වෘත්තියට ලැබෙන ගෞරවය ආරක්ෂා කරන දේශපාලන නායකත්වය ලබාදෙන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම්. අපි තරුණයි. අපි දන්නවා මේ අයගේ දරුවන් සිතන විදිය. අපිටත් ළමුන් ඉන්නවා. අපි කැමැති නැහැ අපේ දරුවන් හැදෙන්නේ වැඩෙන්නේ සංස්කෘතියක් නොමැති පරිසරයක නම්. අද ළමා අපචාර දෙස බලනවිට, ගෘහස්ථ හිංසනය දෙස බලනවිට වගේම කාන්තා අපයෝජන දෙස බලනවිට තාත්තා කෙනෙක් විදියට අපිටත් දෙවරක් සිතිය යුතු වෙනවා. එසේ නම් මේ සමාජය වෙනස් කිරීමේ වගකීම අපිට පැවරෙනවා. එය කරන්න අවශ්‍ය දේශපාලන නායකත්වය ලබාදෙන්න වගකීමක් තිබෙනවා. පිහිටුවන ආණ්ඩුවට වගේම දේශපාලන පක්ෂවලට ඒ සම්බන්ධයෙන් වගකීමක් තිබෙනවා.

ඒ වගේම අපේ පක්ෂය මැනවින් හදුනාගෙන තිබෙනවා. අපි මේ මහපොලොවේ පය ගසා ජීවත් වෙනවා. අපි මේ රට අතහැර යන්න දේශපාලනය කරන අය නොවෙයි. අපි මේ රට අතහැර යනවා නම් යන්න තිබුණා. අපි පැනලා යයි කියා බලා සිටි බොහෝ අයට රිදෙන්නේ අපි පැනලා නොගිය නිසයි. අපි අභියෝගවලට බිය නැහැ. අපි අභියෝගවලට ආදරය කරනවා. ඒ නිසා අපි මේ රට අතහැර යන්නේ නැහැ. මේ රට ආර්ථික, සාමජයීය, දේශපාලන වශයෙන් ස්ථාවර කිරීමේ අභියෝගයටත් අපි ආදරය කරනවා. ඒ අභියෝගය අපි ජයග්‍රහණය කරනවා. හම්බන්තොට වරාය යළිත්වරක් අපි දකුණු ආසියාවේ නාවික කෙනේද්‍රස්ථානය බවට පත්කරනවා. හම්බන්තොට වරාය කේන්ද්‍ර කරගත් කාර්මික ජනපදය අපි නැවත වරක් ආරම්භ කරනවා. සූරියවැව තොරතුරු තාක්ෂණ ගම්මානය කේන්ද්‍ර කරගත් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා ලක්ෂයක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. අධිවේගී මාර්ග දියුණු කිරීම තවදුරටත් ක්‍රියාත්මක කරනවා.

සෑම පළාතක්ම සම්බන්ධ කරගමින් අධිවේගී මාර්ග ආරම්භ කරනවා. ඒ සියලු පළාත් යාකරමින් ආර්ථික විප්ලවය අපි 22 දායින් පසුව ආරම්භ කරනවා. ඒ වගේම තමයි අපේ රටේ දේශීය ආර්ථිකය අපි දියුණු කරන්න ඕනෙ. ගමේ ගොවියා, ව්‍යාපාරිකයා, ව්‍යවසායකයා අපි ශක්තිමත් කරන්න ඕනෙ. එදා හම්බන්තොට වරාය හඳලා, අධිවේගී මාර්ග හදලා ක්‍රීඩා ගම්මාන පිහිටෙවුවෙ ඇයි ? මේ රටේ ජීවත්වෙන අහිංසක අම්මගෙ තාත්තගෙ දරුවට නූතන ලෝකයේ රැකී රක්ෂාවලට යන්න පුළුවන් වපසරියක් හදන්න. කොතලාවල ආරක්ෂක පීඨය විශ්ව විද්‍යාලයක් ගෙනාවෙ ඇයි ? මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සාගර විශ්ව විද්‍යාලය පටන් ගත්තෙ ඇයි ? අපිට දැක්මක් සහ වැඩපිළිවෙළක් තිබුණා. අපි විශ්වාස කළා අපේ රටේ ගමේ අම්මා තාත්තගෙ දරුවට හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕනෙ කියලා. මහින්ද්‍යෝදය විද්‍යාගාරය, තාක්ෂණ පීඨය හරහා තාක්ෂණ ක්ෂේත්‍රයට මේ රටේ දරු පරම්පරාව යොමු කළා. යොමු කළා විතරක් නෙමෙයි අපිට ඉලක්කයක් තිබෙනවා

ඉදිරි අවුරුදු පහ ඇතුළත, ඊළඟ අවුරුදු දහය ඇතුළත මේ රටතුළ දේශීය සහ විදේශීය රැකියා අවස්ථාවන් ලක්ෂ 20 ක් නිර්මාණය කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ අපි ගාව තිබෙනවා. අපේ ගම, නගරය හැදෙනවාට අපි කැමැතියි. අපේ දේශපාලන වේදිකාව පොරොන්දු දේශපාලන වේදිකාවක් නොවෙයි. අද ප්‍රතිපත්ති ප්‍රකාශ දෙස බැලූවිට එක්කෙනෙකුට එක්කෙනෙක් නොදෙවෙනි පොරොන්දු ලබාදෙනවා. එක්කෙනෙක් අවුරුද්දකට වරක් පඩි වැඩිකාරනවා කියනවා. අනෙක් කෙනා මාස හයකට වරක් පඩි වැඩිකරනවා කියනවා. එක්කෙනෙක් 25000 ක් කිවුවොත් අනෙක් කෙනා කියනවා 50000 ක් කියලා. ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙළක් ආරම්භ කරනවා. සමහර වෙලාවට කියනවා පොහොට්ටුව දැන් වැඩක් නැහැ කියලා. පාක්ෂිකයන්ගෙන් රැස්වීමට යන්නෙ ඇයි ? ඡන්දෙ දෙන්නෙ ඇයිද කියලා අහනවා. අපිට විශ්වාසයි මේ රටට ආදරය කරන ජනතාව සැප්තැම්බර් මාසෙ 21 වැනිදා උදේ පාන්දරින්ම ගිහින් පොහොට්ටුව ඉස්සරහින් කතිරෙ ගහලා මේ මාතෘභූමියේ නතර වුණ සංවර්ධනය නැවත වතාවක් ආරම්භ කරන්න අවශ්‍ය දායකත්වය ගන්නවා කියලා.

පොරොන්දු දේශපාලනයෙන් අපේ වේදිකාව ඈත් කරනවා. ප්‍රතිපත්තිවලට අපි යායුතු වෙනවා. ප්‍රතිපත්තියක් නොමැති අයට බොරු පොරොන්දු දෙන්න පුළුවන්. අවංකව වැඩිකල් දේශපාලනය නොකරන අයටත් බොරු පොරොන්දු දෙන්න පුළුවන්. ඒ අයගේ දේශපාලනය එක් මැතිවරණයකින් අවසන්. අපිට බොරු පොරොනදු දෙන්න බැහැ. අපේ දේශපාලනය පටන් ගත්තා පමණයි. අපි අවුරුදු ගණනාවක් මේ රටේ ජනතාව සමඟ දේශපාලනය කර තිබෙනවා. ඒ නිසා තවත් අවුරුදු ගාණක් දේශපාලනය කරනවා. ඒ නිසා අපි පුළුවන් දේ පැහැදිලිවම පුළුවන් කියා කියනවා. කියන දේ කරනවා වගේම කරන දේත් අපි බියක් නොමැතිව කියනවා. මේ පණිවුඩය ගමට ගෙනයන්න. අපි ගමට ඇවිත් අපේ ජනතාව සමඟ කතා කරනවා. මම කුඩා කාලයේ සිට හැදුනු වැඩුණු තැන මේ තංගල්ල. අපි සමඟ පෙර පාසල් ගිය මේ ස්ථානයේ ඉන්නවා. අපි වසර ගණනාවක් දැවැන්ත සම්බන්ධතාවයක් සහ බැදීමක් සමඟ ගොඩනැඟුණු ප්‍රදේශයක්.” යැයි පැවසීය.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඩී.වී චානක, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි, දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ, දකුණු පළාත් සභාවේ හිටපු ඇමැති ඩී.වී උපුල් මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ

– Media unit

Related posts

ගෝඨාභය අද උන්හිටි තැන් නැති වී අහිකුණ්ඨිකයකු මෙන් මෙන් තැනින් තැන ඇවිදිනවා…

Shiran Viraj

පෙර දස්කම් බලාපොරොත්තු වෙන්න එපා – සංගා ක්‍රීඩා ලෝලීන්ට කියයි

Shiran Viraj

ශ්‍රී ලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වෙයි? මෙන්න හේතුව

Shiran Viraj

Leave a Comment