News Political

මා ජනාධිපති වීම වැලැක්වීමට ලොකු කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකයි..- අනුර

ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය ලබන නියත ජයග්‍රහණය වැළැක්වීම සඳහා සැලසුමක් ක්‍රියාත්මක කරමින් ඇතැයි එම පක්‍ෂයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා අතර බෙදීමක් තිබුණද ඔවුන්ගේ යටි පෙළ අතර එකතුවීමේ සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයිද හෙතෙම කියා සිටියේය.

බෙදී තරග කිරීමේදී දෙපාර්ශ්වයටම අවාසි බවත් ජාතික ජන බලවේගයට වාසි සහගත බවත් එනිසා එක්විය යුතු බවට මොවුන් සාකච්ඡා කරමින් සිටින බවද පැවසූ ඔහු එම් එවන් ඕනෑම ආකාරයේ සැලසුමක් සඳහා දැන් ප්‍රමාද වැඩි බවද කියා සිටියේය.

කවුරුන් මොන ජාතියේ වෙට්ටු දැම්මත් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වැළැක්විය නොහැකි බවත් එය ජයග‍්‍රහණය ස්ථිර බවත් හෙතෙම තව දුරටත් පැවසුවේය.

ජනාධිපතිවරණ ජන රැලියක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

අමෙරිකාව තීරණාත්මක සති දෙකක් අභියස

Shiran Viraj

නාවික කඳවුරකින් යළිත් කොරෝනා මතුවෙයි…ඇඳිරි නීතිය පනවන්නැයි වෛද්‍ය සංගමයෙන් දැඩි ඉල්ලීමක්.

Shiran Viraj

රනිල්-සජිත් එක් කිරීමේ තීරණාත්මක මෙහෙයුමක් ඇරඹේ..

Shiran Viraj