Local News News

දැන් ඉතින් ජනතාව අහිතකර අණ පනත් අහෝසි කරන්න..

රටේ ජනතාව අහිතකර අණ පනත් අහෝසි කිරිමට කාලය පැමිණ ඇති බව ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා මහතා පැවසිය.

චමිර පෙරේරා මහතා ඒ බැව් කියා සිටියේ (21) දින හැටන් නගරයේ මාධ්‍ය හමුවක් පවත්වමිණි.

මෙහිදි අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ මේ රටේ ජනතාව, ශිෂ්‍යයන්, මාධ්‍ය මර්ධනය කිරිමට ගෙන තිබු පනත් වෙනුවෙන් සටන් කලේ එදා අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජාතික ජන බලවේගය බවයි.

දැන් ඒකට අවශ්‍ය බලය ජනතාව ජාතික ජන බලවේගයට ලබා දිලා තියෙනවා, ඒවා දැන් අහෝසි කරන්න කාලය ඇවිල්ලා තියෙන්නේ.

වතුකරයේ ජනතාව දැඩි විශ්වාසයක් තබලා තියෙනවා ජාතික ජන බලවේගය මත, ඊ.පි.එෆ්/ ඊ.ටි.එෆ් එක රැක දිම දැන් ජන බලවේගයේ වගකිමක් යනුවෙන් පැවසිය.

– රංජිත් රාජපක්ෂ

Related posts

ගමන් කරමින් තිබූ පොලිස් යතුරු පැදියකට ගසක් කඩා වැටේ.. නිලධාරීන් දෙදෙනෙක් රෝහලේ..

Shiran Viraj

කොරෝනාවෙන් පසු මෙරට කිසිදු කර්මාන්තශාලාවකට ඉන්දියාවෙන් ශ්‍රමිකයන් ගෙන්වා නෑ..- විමල්

Shiran Viraj

22 වැනිදා ජයග‍්‍රහණය සමරන හැටි අනුර කියයි.

Shiran Viraj