NewsPolitical

මාස තුනකින් රට ස්ථාවර කලා..- නලින්ද

නව රජයට මාස තුනක් ඇතුළත රට ස්ථාවර කිරීමට රජයට හැකි වූ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මුදල් අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කර රට ස්ථාවර කිරීමට පැහැදිලි තීරණ ගැනීමට ජනාධිපතිතුමාට හැකි වූ බවත් ඔහු සදහන් කලේය.

මේ වන විට නව ආයෝජන ගෙන ඒම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති අතර, නවතා දමා තිබූ විදේශ අරමුදල් ව්‍යාපෘති කිහිපයක් යළි ආරම්භ වී ඇති බවත් ඔහු පැවසුවේය.

දේශීය හා ජාත්‍යන්තර ව්‍යවසායකයින් සහ ආයෝජකයින් තුළ රට කෙරෙහි විශ්වාසයක් ගොඩනැගී ඇති බව පැවසූ අමාත්‍යවරයා කොටස් වෙළෙඳපොළ ද පසුගිය කාලයේ දැඩි වර්ධනයක් පෙන්නුම් කළ බවත් පැවසීය.

කළුතරදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

මං ජනාධිපති වුනාම ජපානය හා අත්වැල් බැදගන්නවා..- සජිත් ජපාන විදේශ ඇමතිට කියයි..

Malar FM

ශ‍්‍රී ලංකාවේ විදෙස් ගමන් බලපත‍්‍ර නිකුත් කිරීම අනතුරක

Malar FM

‘‘රාවණා 01’’ කක්ෂගත කිරීම අද

Malar FM