Local News News

රිලවු ඇල්ලීම නවත්තයි.. පහසුකම් නෑ..

වගා හානි කරන රිලවුන් අල්ලා වන්ධ්‍යකරණයට ලක් කිරීමට රජය ගත් ක්‍රියාමාර්ගය අඩාල වී තිබේ.

ඒ පශු වෛද්‍යවරුන්ගේ හිගය ප්‍රවාහන පහසුකම් හා අනෙකුත් පහසුකම් නොමැති වීම මතයි.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ ඇමති ගමගෙදර දිසානායක මහතා සඳහන් කරන්නේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමට පහසුකම් නොමැති වීම මත ව්‍යාපෘතිය අතරමග නතර වී ඇති බවයි.

මේ අතර පරිසරවේදීන් පෙන්වා දෙන්නේ රිලවුන් වනධ්‍යකරණය කිරීමෙන් ගහනය පාලනයට හෝ වගා හානි නැවැත්වීමට නොහැකි බවත් එය ඒ හරහා තවදුරටත් ගැටලු වර්ධනය වනු ඇති බවය.

Related posts

තවත් ආසාදිතයින් 15ක් සමඟ සමස්ත කොරෝනා රෝගීන් ගණන 435ක් දක්වා ඉහළට

Shiran Viraj

IMF-ශ‍්‍රී ලංකා සාකච්චා අසාර්ථකයි.. ණය දීම ප‍්‍රතික්‍ෂෙප කරයි..- ජාත්‍යන්තර මාධ්‍ය

Shiran Viraj

415 වැනි ආසාදිතයා ගර්භණී මවක්-කුසේ සිටි බිළිඳා ජීවිතක්ෂයට

Shiran Viraj