Local NewsNews

සීදූවේ පාතාලයෙන් වෙඩි වැලක්..

සීදූව පොලිස් වසමේ ලියනේගේමුල්ල ප්‍රදේශයේ නිවසකට කාර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් වෙඩි තබා පලා ගොස් අති බවට සීදූව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විර්මශන ආරම්භ කර ඇත.

වෙඩි තැබිමෙන් එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා මීගමුව රෝහලට ඇතුලත් කිරීමේදී එක් පුතෙකු මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 53 ක් වූ ලියනේගේමුල්ල, සීදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පලාගිය කාර් රථය කටුනායක ප්‍රදේශයේ දමා ගොස් තිබියදී හමු වී ඇති අතර එය ගිනි ගැනීමකට ලක්ව ඇත. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සීදූව පොලීසිය වැඩිදුර විර්මශන සිදුකරනු ලබයි.

Related posts

ක‍්‍රිකට් පුහුණුකරු හමුව ගාලගෝටියක් වෙයි.. ගහමරා ගන්න යයි.. මහේල උස් හඬින් බැණ වදී..

Malar FM

නව සීමා යටතේ උපකාරක පංති ආරම්භ කිරීමේදී ගැටලු රැසක්

Malar FM

අද මිලිමීටර 100 ඉක්මවු වැසි

Malar FM