Local News News

ප්‍රබල පාතාලයන් හතරක් පිටරටදී අල්ලයි..

පොලිසියට අවශ්‍ය ප්‍රධාන පෙළේ අපරාධකරුවන් හතර දෙනකු (පොඩි ලැසීට අමතරව) ඩුබායි සහ තවත් රටවල් තුනකින් අත්අඩංගුවට ගත් බවට ජාත්‍යන්තර පොලිසිය මගින් වාර්තා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසීය.

ආරක්ෂක හේතුන් මත මෙම සැකකරුවන් පිළිබඳ සුලමුල හෙළිකිරීමට නොහැකි යැයි ද මනතුංග මහතා සඳහන් කළේය.

මේ අනුව ශ්‍රී ලංකාවේ සිට පිටරටවලට මෙසේ පැනගිය අපරාධකරුවන්ගේ නම් ලැයිස්තුව ජාත්‍යන්තර පොලිසියට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් අල්ලා ගැනීමේ මෙහෙයුම් ජාත්‍යන්තර පොලිසිය අදාළ රටවල්වල පොලිස් ස්ථානවලට දැනුම් දී තිබෙන බවත් එම පොලිස් නිලධාරීන් දිගින් දිගටම වැටලීම් සිදුකරගෙන යන බවත් මනතුංග මහතා කීවේය.

මෙම පොලිස් වැටලීම් වඩාත් කඩිනම් කර තිබේ. ශ්‍රී ලංකා අපරාධකරුවන් 63 දෙනකුට ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදන නිකුත්කර තිබේ.

Related posts

නිල ඡන්ද දැන්වීම් පත්‍රීකා ගමනාන්ත තැපැල් කාර්යාල වෙත…

Shiran Viraj

චම්පිකට එරෙහි රාජගිරියේ රිය අනතුරු නඩු විභාගය අත්හිටුවයි…

Shiran Viraj

මහින්ද කහදගම අත්අඩංගුවට ගනී…

Shiran Viraj