Local News News

වැටුප් සංශෝධනයෙන් පඩි අඩුවෙලා.. දොස්තරලා කැළඹෙති..

රජයේ සේවකයන් සඳහා මෙවර අයවැයෙන් යෝජනා කර ඇති වැටුප් සංශෝධන සම්බන්ධයෙන් රාජ්‍ය සේවයේ ඉහළ වෘත්තික කණ්ඩායම් කිහිපයක් අතර ආන්දෝලනාත්මක කතාබහක් ඔවුනගේ සමාජ ජාලා සමූහවල සිදුවෙමින් ඇත.

ඊට හේතු වී ඇත්තේ නව වැටුප් සංශෝධන සමග ඔවුන්ගේ අවසන් මාසෙක චේතනය පහළ යෑමට ලක්වීමට ඉඩක් තිබීමයි.

වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, හෙද නිලධාරීන් මෙම තත්ත්වය වැඩි වශයෙන් බලපා ඇත.

නව වැටුප් සංශෝධන හේතුවෙන් ඔවුන් මසක් අවසානයේ ලැබෙන මාස මුදල් ප්‍රමාණය අඩුවී ගොස් ඇති බවට ඔවුන් අතර මේ වන විටත් දැඩි සංවාදයක් ඇදී තිබේ.

මේ සම්බන්ධයෙන් ඉතා ඉක්මනින්ම රජයේ අමාත්‍යවරුන් හමුවේ සාකච්ඡා කිරීමටද ඔවුනගේ ප‍්‍රධාන වෘත්තිය සමිති බලාපොරොත්තු වෙයි.

Related posts

මං ජනාධිපති වුනාම වතුර උගුරක් බොන්නෑ.. බත් කටක් කන්නෑ.. ස්වෙච්චාවෙන් වැඩ කරන්නේ..

Shiran Viraj

සම්බුදු තෙමගුල සැමරෙන උතුම් වෙසක් පුන් පොහොය දිනය අදයි

Shiran Viraj

‘ගෝඨා ගෝ හෝම්’ කීම වහා නතර කල යුතුයි..

Shiran Viraj