ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් මඟින් වසර 2030 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 120ක මුර්ත දළ දේශීය නිෂ්පාදනයක ඉලක්කයක් සහිතව තිරසර ආර්ථීක වෘද්ධියක් සහ සංවර්ධනයක් අරමුණු කර ගනිමින්, ” පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ” ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර තිබේ.
එය ආර්ථික, සමාජීය, පාරිසරික භා දේශපාලනික ඇතුළු සියලු අංශ නියෝජනය වන පරිදි පහත සඳහන් ප්‍රධාන ක්ෂේත්‍ර 04 ක් යටතේ ගොනු කොට ඇත:
* පරිසමාප්ත ජීවිතයක් – සුව පහසු රටක්
* ගෞරවනීය ජීවිතයක් – සුරක්ෂිත රටක්
* නවීන ජීවිතයක් – පොහොසත් රටක්
* අභිමානවත් ජීවිතයක් – නොසැලෙන රටක්
එම ප්‍රධාන ක්ෂේත්‍ර 04 යටතේ උප ක්ෂේත්‍ර 40 ක් හඳුනාගෙන ඇති අතර, එම ක්ෂේත්‍රයන්ට අදාළ ප්‍රතිපත්ති මූලධර්ම සහ ගත යුතු ක්‍රියාමාර්ග වෙන් වෙන් වශයෙන් හඳුනාගනු ලැබ තිබේ.
ඒ අනුව, ‘ පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය රජයේ ජාතික ප්රතිපත්ති රාමුව ලෙස පිළිගැනීමටත්, සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය ආයතන, පළාත් සභා සහ පළාත් පාලන ආයතන විසින් ඔවුන්ගේ කාර්යයන් ඒ අනුව සැලසුම් කර ක්‍රියාත්මක කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.