News Political

අපි එන්න කලින් පාසල් දරුවන් උදේ රැස්වීමේදි ක්ලාන්ත වී වැටුනා.. දැන් එහෙම වැටෙන්නෑ..

ජාතික ජන බලවේගය බලය ගැනීමට මාස තුන හතරකට පෙර ජනතාව සිටියේ තුන්වේල කෑමට නොහැකිව බඩු මිල අහස උසට නැග බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

උදේ පාසැල් ගිය දරුවන් පාසලේ උදේ රැස්වීමේදී ක්ලාන්ත වී ඇදගෙන වැටුණු බවද එනිසා පාසල්වල බත් බැංකුව ලෙස බැංකුවක් පිහිටුවීමට ගුරුවරුන්ට සිදුවූ බවද ඔහු පැවසීය.

නමුත් දැන් එහෙම දරුවන් ක්ලාන්තය දමා ඇද වැටෙන්නේ නැතැයිද ඒ මහතා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද උත්සව සභාවක් අමතමිනි.

Related posts

දැන් තියෙන්නේ ගංගාවලට කල අතහරින එක නෙවෙයි ගිහින් ඉල්ලා අස්වෙන්න – හරීන්

Shiran Viraj

අවසන් මහ තරගය ඇරඹෙයි.. මෙන්ඩිස් කල දේම කමින්ස් කරයි..

Shiran Viraj

නීති විරෝධී ආහාර තොග ගබඩා රට පුරා වටලන්නයි පොලිසියට, දිසාපතිලාට නියෝගයක්..

Shiran Viraj