Local News News

අස්වැසුම වැඩි කරන්න අනුමතයි…

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ දැනට ගෙවනු ලබන ප්‍රතිලාභ වල වටිනාකම් ඉහළ නංවමින් එම යෝජනා ක්‍රමය සංශෝධනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, සංශෝධිත අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය අංක 2429/02 දරන හා 2025-03-24 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

එකී සංශෝධිත අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Related posts

කොළඹ කොටස් පිම්මේ උඩ යයි…

Shiran Viraj

හමුදා හිස්වැසුම් පැළඳ ආපු ඉන්දීය කණ්ඩායමට පාකිස්ථානය ප්‍රතිචාර දක්වයි

Shiran Viraj

කොළඹ පාලම්-ගුවන් පාලම් පුපුරුවන්න ත‍්‍රස්තවාදී සැලසුමක්- බුද්ධි අංශ අනතුරු අගවයි..

Shiran Viraj